mediahumanrights.lk
Local News News

මුහුණු පොතෙන් ජාතිවාදය වපුරන අයට වැඩ වරදියි – පොලිස්පතිගෙන් සීඅයිඩී යට නියෝග…!

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ජාතිවාදය වපුරන සහ ජාතිවාදය ඉස්මතු වන ආකාරයේ අසත්‍ය ප්‍රචාර පතුරුවන අන්තවාදී පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
ඉකුත් 17 වැනි දින ගාල්ල, ගිංතොට ඇතිවූ සිද්ධිය පිළිබඳ නොයෙකුත් අන්තවාදී පුද්ගලයන් විසින් අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවමින් සිටින බවට තොරතුරු වාර්තා වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
එවැනි අන්තවාදී පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවද පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ජයක්

Shiran Viraj

යූරියා මිටියක් හතලිස්දාහයි.. කිලෝව අටසීයයි..

Shiran Viraj

දැන දැනම ත්‍රස්තවාදීන් රැකි ජනපති, අගමැති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වන්නැයි කියයි..

Shiran Viraj