mediahumanrights.lk
NewsPolitical

ජනපති එන්න පෙර පරික්ෂා කරන විට 'බත්තරමුල්ලේ සුඛෝපභෝගී නිවසකින්' ආයුධ හමුවේ

බෝම්බ, ජීව උණ්ඩ තොගයක් සහ ගජමුතු සමග පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (20) බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන උත්සවයක් බත්තරමුල්ල, කොස්වත්ත ප්‍රදේශයේදී ඊයේ පැවති අතර එම අවස්ථාවට පෙර වටපිටාව සෝදිසි කිරීමේදී මෙම ආයුධ තොගය පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සුඛෝපභෝගී නිවසක් පරීක්ෂා කිරීමේදී එහි අල්මාරියක් තුළ සඟවා තිබූ ජීව අත් බෝම්බයක්, බෝර 16 ගිණි අවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 4ක්, එම වර්ගයේම අජිවී උණ්ඩ 16ක් සමග ජපානයේ නිෂ්පාදිත සෙල්ලම් රිවෝල්වරයක් සහ ගජමුතු දෙකක්, විදේශ ගමන් බලපත්‍ර 4ක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
තලංගම – උතුර කොස්වත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් 57 සහ 49 වියේ පසුවන්නන් වනවා.
මෙම ආයුධ තොගය සහ විදෙස් ගමන් බලපත්‍ර ඇතුළු අපරාධයන් සඳහා යොදා ගන්නා උපාංග මෙලෙස රැස්කර සඟවා තබා ගත්තේ කුමණ හේතුවකටද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
මේ සම්බන්ධ වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා තලංගම පොලිසිය වෙත සැකකරුවන් සහ දේපළ භාරදී ඇති අතර සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ආපදා මරණ සංඛ්‍යාව 164 දක්වා ඉහළට

Shiran Viraj

කොරෝනා මර්දනයේදී වරදක් වී ඇත්නම් කල යුතු දේ ජනපති කියයි..

Shiran Viraj

අඛණ්ඩව විදුලි සැපයුමට ඕනෑම මොහොතක හමුදාව සූදානම්

Shiran Viraj
Translate »