mediahumanrights.lk
News Political

මානව හිමිකම් කවුන්සලයෙන් නිර්දේශ 177 ක් අරන් හර්ෂ ලංකාවට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සර්වකාලාවර්ත සමාලෝචන සැසියේදී ශ්‍රී ලංකාව නිර්දේශ 177ක් පිළිගෙන තිබේ.
මෙවර සර්වකාලාවර්ත සමාලෝචන සැසියේදී රටවල් 90ක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිර්දේශ 230ක් ඉදිරිපත් කරනු ලැබිණි.
අදාළ නිර්දේශ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉන් 177ක් පිළිගැනීමට තීරණය කළ බව එම සැසියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායමේ නායක නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේය.
මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සර්වකාලාවර්ත සමාලෝචන සැසිය ඊයේ දිනයෙන් අවසන් වූ අතර එහිදී ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබී තිබේ.
ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී බොහෝ රටවල් සිය ප්‍රසාදය පළ කල බව හර්ෂද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

කොරෝනා එන්නත නැගෙනහිර පර්යන්තයට දුන් අල්ලසක්.. ECT දුන්නොත් ආණ්ඩුව අකුලාගෙන ගෙදර යන්න සැරසෙන්න..- බෙංගමුවේ හිමි

Shiran Viraj

වාහන හිගයට පිලිතුරක්… කැබිනෙට්ටුවේ අනුමතයි..

Shiran Viraj

31-04 සංචරන ලිහිල නෑ… 07 දක්වාම ගෙදර..

Shiran Viraj