mediahumanrights.lk
Local News News

අම්බලන්තොට තරුණයා මිය ගියේ පොලිස් වෙඩි පහරින්! පලා ගිය දෙදෙනාත් බාරවෙයි!

පොලිස් අණ නොතකා ධාවනය වූ කුඩා ලොරි රථයකට අම්බලන්තොට පොලිසියේ නිලධාරීන් අද (11) අළුයම එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් තරුණයකු මියගොස් තිබෙනවා. එම ලොරියේ ගමන් ගත් තෙවත් දෙදෙනකු ලොරිය මහමද දමා පලාගොස් ඇති අතර අද උදෑසන පොලිසියට බාර වී තිබෙනවා. බාරවූ දෙදෙනා අතර රියදුරුද වනවා.
මූලික විමර්ශණ වලින් අණාවරණය වී ඇත්තේ මොවුන් හොරෙන් කෙසෙල් කැන් තොගයක් කපාගෙන එමින් සිටි ඇති බවය. එක් අයෙකුට වෙඩි වැදුනු පසුවද ලොරිය ධාවනය කර තිබෙනවා. පසුව ඔවුන් දෙදෙනා වෙඩි වැදුණු තරුණයා සහ ලොරි දමා පලාගොස් තිබෙනවා.
කෙසෙල් ලොරියේ ගිය තරුණයා වෙඩි තබා මරා දමලා
අම්බලන්තොට කොග්ගල්ල හබරත්තවල ප්‍රදේශයේදී වෙඩි තබා තරුණයෙකු ඝාතනය  කර ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසනවා. ඝාතනයට ලක්ව ඇත්තේ කොග්ගල්ල ප්‍රදේශයේම වයස අවුරුදු 20 ක පමණ  තුරුණයෙකු බවයි වැඩිදුරටත් කියා  සිටියේ. අද අළුයම පොලිසිය විසින් මෙම මළ සිරුර සහ ලොරි රථය සොයාගෙන තිබෙනවා.
අදාල තරුණයා ඝාතනය කර ඇති ස්ථානයේ කෙසෙල් කැන් කීපයක්ද විසිරි තිබෙන බවත් ඒ අසානනයේ කුඩා ලොරියක්ද තිබෙන බවත් එයට අලාභහානි සිදුකර තිබෙන අයුරු දැකගන්නට හැකිවූ බවද පොලිසිය පවසනවා.
මෙම ඝාතනය කුමක් නිසා සිදුකර ඇත්තක්ද යන්න මෙතෙක් තොරතුරු අනාවරණය වී නොඅමති අතර අම්බලන්තොට පොලිසිය වැඩි දුර පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඉරාන හමුදා නායකයාගේ අවමංගල්‍ය උත්සවයේ තෙරපුමකින් 35 දෙනෙක් ජිවිතක්ෂයට

Shiran Viraj

රනිල් හෙට නැවතත් අගමැති ධුරයේ දිවුරුම් දෙනවලු

Shiran Viraj

උතුරු දකුණු කොරියා නායක හමුව ගැන ට්‍රම්ප්ගේ අදහස

Shiran Viraj