mediahumanrights.lk
Local NewsNews

විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්ගේ වැඩ තහනම්

සිය රාජකාරී වගකීම් පැහැර හැරීම සහ විෂමාචාර චෝදනා කිහිපයක් හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික විභාග අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගේ රාජකාරී වැඩ ඊයේ (10) සිට තහනම් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ආවරණ අනුමැතියට ද යටත් ව වහාම ක්‍රියාත්මක වන පරිදි එම නිලධාරියාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට අදාළ ලිපිය අද නිකුත් කර ඇත.
විභාග දෙපාර්තමේන්තුවේ පසුගිය කාලයේ සිදු වූ විභාග පැවැත්වීම්, උත්තර පත්‍ර පරීක්ෂාව, ප්‍රශ්න පත්‍ර සම්පාදනය, ප්‍රශ්න පත්‍ර සම්පාදක මණ්ඩල නම් කිරීම, විභාග සම්බන්ධ රහස්‍යභාවය ආරක්ෂා කිරීම ඇතුළු කටයුතු කිහිපයක් පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර තිබෙන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Related posts

රට ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් මුදවා ගැනීමට රනිල් ජනපති කල යුතුයි…

Shiran Viraj

කොරෝනා අනු පොකුරු බිහිවීමේ අවධානමක් : ඊයේ ආසාදිතයින් 487ක් සහ මරණ 02ක්

Shiran Viraj

හදිසි නායයෑමේ අවදානම: මාණික්කාවත්තෙන් පවුල් 13ක් ඉවත් කරයි

Shiran Viraj
Translate »