32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
NewsPolitical

රටේ නායකයා ලෙස මා සිටින තුරාවට යුද අධිකරණ වලට ඔබ ගෙන නොයමි!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථමවතාවට යුද්ධ හමුදාවේ බලඇණි අණදෙන නිලධාරීන්, විධායක අධිකාරිවරුන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඇතුළු 350 කට වැඩි පිරිසක් ඊයේ (09) පස්වරුවේ දී කොළඹ යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ දී අමතනු ලැබුවේය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ  පැවසීය,
“රටේ නායකයා ලෙස මා සිටින තුරාවට ඔබලාගේ කිසිවෙකු කිසියම් හෝ යුද්ධ අධිකරණයක විනිශ්චයකට අවසර නොදෙන බවට මා ඔබට පොරොන්දු වෙනවා. යම් කිසිවෙකු වැරුද්දක් කර ඇත්නම් ඒ පිළිබඳව විනිශ්චය කරනු ලබන්නේ රටේ දැනට පවතින නීතියට අනුකූලව අධිකරණය හමුවේ පමණක් වනු ඇති. අපේක්ෂා භංගත්වයට පත්වුණු ඇතැම් දේශපාලඥයින් සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් රණවිරුවන් යුද්ධ අධිකරණයක් හමුවේ විනිශ්චයකට ලක්කොට දඬුවම් පමුණවීමට තැත් කරන බවට කරන ප්‍රකාශයන් පිළිබඳ රටේ ජනාධිපති වශයෙන් එවැනි කිසිදු දෙයක් සිදුවීමට ඉඩ නොදෙන බවත් කිසිවෙකු විදේශීය විනිසුරුකරුවන් ඉදිරියේ ප්‍රශ්න කිරීමකට ලක් කිරීමට ඉඩ නොදෙන බවත් මේ අවස්ථාවේ දී මා පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ හේතුවෙන්, එවැනි පදනම් විරහිත චෝදනා සහ වැරදි සහගත ප්‍රකාශයන් තුලින් ඔබ නොමඟ යා හැකි බවත් මා මෙහිදි පවසිය යුතුයි.”
“ඔබ සියලුදෙනා කැපවීමෙන් රට ආරක්ෂා කිරීම සඳහා පෙරට පැමිණිම පිළිබඳවත් ජාතික ආපදාවන් ඇති වූ සෑම අවස්ථාවකදීම තම ජිවිත පරදුවට තබා ක්‍රියාකිරීම පිළිබඳවත් අප සියලුදෙනා ඔබ වෙත ණය ගැතියි. ජාතිය වෙනුවෙන් නැඟි සිටින ඔබ සියලුදෙනා ජාතික ආපදාවන්, වසංගත උවදුරු, නායයෑම් ආදි අවස්ථාවල දී සෑමවිටම පෙරමුණ ගෙන කටයුතු කර තිබෙනවා‍. සාමකාමි සමාජයක් ලෙසින්, සාමය, සංහිඳියාව සහ එකමුතුභාවයෙන් හා අවබෝධයෙන් ඉදිරි ගමනක් යන අප රට සංවර්ධනය කිරීම සඳහා ඔබගේ සහාය තවදුරටත් අවශ්‍යයි.”
(under the courtesy of hitnews.lk news web)

Related posts

ගිං ගඟත් අවධානම් – බැම්ම රැක ගන්න පාලමක් කඩා ඉවත් කරන්න තීරණය කරයි

Shiran Viraj

තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරලා

Shiran Viraj

ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

Shiran Viraj
Translate »