2026-07-03
mediahumanrights.lk
International NewsNews

අමෙරිකාවට තවත් ඛේදවාචකයක් කඩා වැදීමට යයි

ප‍්‍රබල අ(ර්)මා සුළිකුණාටුවෙන් පසුව තවත් එවැනිම ප‍්‍රබල සුළිකුණාටුවකින් අමෙරිකාවට බලපෑම් එල්ල වී තිබෙනවා.
මෙම සුළිකුණාටුව නම් කර ඇත්තේ මරියා නමින්.
එය අ(ර්)මා සුළිකුණාටුව තරම් ප‍්‍රබල වනු ඇති බවටද කාලගුණ බලධාරීන් මත පළ කරනවා.
මෙම සුළිකුණාටුව ඉදිරි පැය 48 ක කාලය තුළ කැරබියන් දුපත් හරහා හමායනු ඇති බවයි පවසෙන්නේ. ඒ, පැයට කිලෝමීටර් 120 ක සුළං ප‍්‍රවාහයක්ද සමගයි.
දැනටමත් කැරබියන් දූපත් රාජ්‍යවලට සහ අමෙරිකාවේ ප‍්‍රදේශ කිහිපයකට අනතුරු ඇගවීම් නිකුත් කර අවසන්.
මීට පෙර අමෙරිකාවට බලපෑ අ(ර්)මා සුළිකුණාටුව හේතුවෙන් පුද්ගලයින් 37 දෙනෙකුට ජීවිත අහිමිවුණා. විනාශ වූ දේපළවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන ගණනකට අධිකයි.
අ(ර්)මා සුළිකුණාටුවෙන් පසු හෝසේ නම් සුළිකුණාටුවකින් අමෙරිකාවට බලපෑම් එල්ලවනු ඇතැයි පැවසුවද එවැන්නක් සිදුවුයේ නැහැ.
(under the courtesy of nethfm news web)

Related posts

බංග්ලාදේශයට එරෙහිව ශ‍්‍රී ලංකාවට වාර්තාගත ජයක්

Shiran Viraj

නිල්වලා ගඟ පාලනයෙන් තොර වෙයි – මාතර මහ රෝහලේ රෝගීන් ඉවත් කරයි

Shiran Viraj

හෝමාගම ක‍්‍රිකට් පිට්ටනිය මං හිගා කාලා හරි හදනවා..

Shiran Viraj
Translate »