28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
BusinessBusiness NewsNews

අඩු මිලට 'පාට' පොල් අද සිට ජනතාවට

රුපියල් 65 කට පාරිභෝගිකයන්ට පොල් ලබාදීමේ වැඩපිළිවෙල අද (02) සිට කි‍්‍රයාත්මක වන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.
එහි සභාපති කපිල යකන්දාවල නෙත් නිවුස් වෙත කියාසිටියේ සිය ලොරි රථවලින් අඩු මිළට අළෙවි කරන මෙම පොල් මිළදී ගෙන වැඩි මිලට විකිණීමේ කූඨ වෙළදුන්ගේ උත්සාහයන් වැළැක්වීමටද විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර ඇති බවයි.
උදේ කාලයේ කොළඹ සහ අවට ප්‍රදේශවල මේ ආකාරයෙන් පොල් අලෙවි කිරීමට කටයුතු යොදා ඇති අතර ජංගම රථ මගින් එම කටයුතු සිදු කෙරෙනවා. එක් අයෙකුට පොල් ගෙඩි 10ක් ලබා ගත හැකි වනවා. මෙලෙස අලෙවි කෙරෙන්නේ වර්ණ ගැන්වූ පොල් වන අතර කූඨ වෙළඳුන්ට එම පොල් යළි අලෙවි කිරීමට නොහැකි වන දේ බාධා කිරීම එහි අරමුණයි. එහිදී සෞඛ්‍යට අහිතකර නොවන වර්ණක යොදා ගැනීමට පොල් වගා කිරීමේ මණ්ඩලය අවධානය යොමු කර තිබෙනවා. ඉදිරියේදී මෙම මිළ ගණන් යටතේ පොල් සතොස වෙත ලබා දීමටද කටයුතු කරන බවත් සඳහන් කළා. එමෙන්ම ජංගම රථ යොදා ගනිමින් පොල් අලෙවි කිරීමේ ක්‍රියාවලිය ඉදිරියේදී වඩාත් පුළුල් කිරීමට අවශ්‍ය කටයුතුද මේ වන විට සොයා බලමින් ඇති බවද පෙන්වා දුන්නා.
ලොරි රථ මගින් අඩු මිළට පොල් අළෙවි කරන ප‍්‍රදේශයන්ද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.
ඒ අනුව නුගේගොඩ සිට අවිස්සාවේල්ල පාර, කොහුවල සිට පිළියන්දල – කැස්බෑව මාර්ගය, ගාලුපාරේ වාල්ලවත්තේ සිට, මාළඹේ සිට නවගමුව මාර්ගය, කිරිබත්ගොඩ සිට නුවරපාර, පෑලියගොඩ සිට මීගමුව පාර මෙලෙස පොල් අලෙවිය සිදු කෙරෙනු ඇති.
දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවල පොල් මිල රුපියල් 80 ත් 100 ත් අතර මිළකට අළෙවි වන බව නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළා.
පාරිභෝගිකයන්ට සහන මිළට පොල් ලබාදීමේ වැඩපිළිවෙලක් කඩිනමින් කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වගකිවයුතු නිලධාරීන්ට නියෝග කළේ පසුගිය සතියේයි.
පොල් වගා කිරීමේ මණ්ඩලය සහන මිලට පොල් ලබාදීමේ මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කරන්නේ ඒ අනුවයි.

(under the courtesy of nethfm news web)

Related posts

යුක්රේන සංචාරකයින් නිසා පොළොන්නරුවේ – සීගිරියේ සංචාරක ස්ථාන වැසෙයි

Shiran Viraj

බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියෙහි එන්ජිම ගැලවෙයි – ඡායාරූප

Shiran Viraj

පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයක් යටතේ පවත්වන්න තීරණයක්

Shiran Viraj
Translate »