28.9 C
Colombo
2026-07-06
mediahumanrights.lk
Local NewsNews

රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය සහ සයිටම් ශිෂ්‍ය දෙමව්පිය සංසදය අත්සන් තැබූ යෝජනා ක්‍රියාත්මක කරන්නලු

රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය සහ සයිටම් ශිෂ්‍ය දෙමව්පිය සංසදය ආණ්ඩුවට ඉදිරිපත් කර ඇති යෝජනා කි‍්‍රයාත්මක කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.
සයිටම් ගැටළුව විසඳීමට රජයේ වෛද්‍ය පීඨ අටෙහි පීඨාධිපතිවරුන් ඉදිරිපත් කර ඇති යෝජනා කි‍්‍රයාත්මක කිරීම ඇතුළු කරුණු 4ක් ආණ්ඩුවට ඉදිරිපත් කරමින් එම දෙමව්පිය සංගම් ඊයේ (01) ඒකාබද්ධ නිවේදනයකට අත්සන් තැබුවා. ඒ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදීයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික ප‍්‍රසාද් කොළඹගේ පැවසුවේ එම යෝජනා සිය සංගමයද අනුමත කරන බවයි.
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය පවසන්නේ අදාළ යෝජනා කි‍්‍රයාත්මක කිරීමේ වගකීමෙන් බැහැරවීමට නොහැකි තත්ත්වයකට ආණ්ඩුව මේ වනවිට පත්ව සිටින බවයි.

(under the courtesy of nethfm news web)

Related posts

ට‍්‍රම්ප් – ඔබාමා දුරකතන අවුල දුරදිග යයි

Shiran Viraj

සචිනිට හැඳුනුම්කම්වලට අවස්ථා ලැබෙනවද?

Shiran Viraj

අමිත් වීරසිංහගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක කතාවක් .!

Shiran Viraj
Translate »