mediahumanrights.lk
Local News News

ගිනි අවියක් සමඟ 1ක් මාට්ටු

පිටිගල, නෙළුවන්කන්ද ප්‍රදේශයේදී බෝර 12 ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පිටිගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
එහිදී සැකකරු සතුව තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ එම උණ්ඩ 02ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරු පිටිගල, ගොඩාමුණ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 17500ක් මුදල් ඇපයක් මත නිදහස් කර ඇති අතර  සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

(under the courtesy of adaderana news web)

Related posts

බදු සහන දුන්නොත් IMF එකගතා අවුලක..

Shiran Viraj

රට බේරගන්න ඕනෑ.. පක්‍ෂය මාරු නොකර ජනපති සමග එක්වෙනවා…

Shiran Viraj

අගමැතිගේ ජපන් සංචාරයේ නිල කටයුතු අද අරඹයි

Shiran Viraj