mediahumanrights.lk
NewsPolitical

ශ්‍රීලනිපය ගොඩ ගන්න කමිටු 10ක්! සිල් රෙදි ගැන ස්ථාවරයත් කියයි!

ශ්‍රී ලංකා නිහස් පක්ෂය ප්‍රතිසංවිධානය සඳහා කමිටු 10ක් පත්කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන පවසනවා. අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවකදී ඔහු මේබව ප්‍රකාශ කළා. ප්‍රතිසංවිධාන, නීති සහයක, සහයෝගීතා සහ සබඳතා,  මුදල්, මැතිවරණ මෙහෙයුම්, මැතිවරණ ප්‍රචාරණ, ආගමික හා ජනවාර්ගික සංහිඳියා, ප්‍රතිපත්ති ප්‍රකාශන, මැතිවරණ සමීක්ෂණ කමිටු ඒ අතර වනවා.
සිල්රෙදි සිද්ධිය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද (14) සිය ස්ථාවරය ප‍්‍රකාශ කළා.
“මට පේන්නෙ නැහැ ලලිත් වීරතුංග මහත්තය සිල් රෙදි හොරකම් කළා කියල. අහින්සක මිනිස්සුන්ටනේ දුන්නෙ. ඒක දුන්න වෙලාව ගැනනෙ ඔය තියෙන්නෙ කතා. අධිකරණයේ තීන්දුව සමග ගැටෙන්න යන්නෙ නැහැ. ඇපීල් එකක් දාල තියෙනව, ඇප අයදුම් කරන්න කියල දන්වල තියෙනව.”
මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා විත්තිකාරයෙක් කොට කතා කිරීමට කිසිදු අයිතියක් නැතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී පැවසුවා. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සන්ධානගතව තරගවදින බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

යාපනයේ දිළිඳු පවුල් වෙනුවෙන් යුද හමුදාවෙන් ස්ථීර නිවාස 770ක්…

Shiran Viraj

යුරෝපා සංගමයේ සියලු රටවල් සදහා ෆයිසර් එන්නත්කරණය අරඹයි

Shiran Viraj

උසස් අධ්‍යාපනය ලබන සිසුවියට අතවර කරන්න අමුතු විදියට පැමිණි උපාධිධාරී ගුරුවරයා

Shiran Viraj
Translate »