mediahumanrights.lk
Entertainment Entertainment News News

සොනාලි ටීචර් පස්‌සේ යන ලයනල් සර්

මේ අවුරුද්දේ ගීත දෙකක්‌ එළිදක්‌වනවා
රයන් වෑන් රෝයන් මේ දවස්‌වල හරිම කාර්ය බහුලයි නේද?
මේ ටිකේ දෙවැනි ඉනිමේ තමයි වැඩ. මුතු කුඩ මේ දවස්‌වල විකාශය වෙනවා. ඩොයිලි කියන චරිතය තමයි එහි නිරූපණය කරන්නේ.
මේ දවස්‌වල රූපවාහිනියේ විතරක්‌ නෙමෙයි සමාජ මාධ්‍ය ජාල වලත් සුපිරි තරුව ඔබ?
මේ ටිකේ FB එකෙන් ගොසිප් වලින් මගේ රූපය දාලා මොකක්‌ හරි නිර්මාණශීලී දෙයක්‌ share වෙනවම තමයි. ඇත්තටම ලයනල් සඳුන් චරිතය තව හොඳට කරන්න උත්තේජනයක්‌ ලැබෙන පබ්ලිසිටි එකක්‌ ඒක.
විකාශය වෙන්න තියෙන තිරගත වෙන්න තියෙන නිර්මාණ?
හරියට බැලූවොත් චිත්‍රපට අටක්‌ පමණ එන්න තියෙනවා. ටෙලි නාට්‍ය 27 ක්‌ විතර එන්න තියෙනවා.
ඔබේ රංගනය සම්මානයෙන් ඇගයුම් ලැබුවා?
2012 රයිගම් සම්මාන උළෙල හොඳම නැඟී එන නළුවා, රාජ්‍ය සම්මාන උළෙල සහ සුමති සම්මාන උළෙලෙදී සම්මාන හිමි වුණා.
ක්‌ෂේත්‍රයට එන්නේ?
2004 බුද්ධික ජයරත්න නිර්මාණය කරන දේදුනු වැස්‌ස චිත්‍රපටයෙන්. කලාකරුවෙක්‌ විදිහට මං යම් තැනක ඉන්නවා නම් ඒ ඔහු නිසා. ඒ වෙනුවෙන් ඔහුට මම හිස නමා ආචාර කරනවා.
ඔබ වෙනත් ක්‌ෂේත්‍රයක නේද නියෑළුණේ?
කමාන්ඩෝ රෙජිමේන්තුවේ මං හිටියේ. පසු කාලීනව ඉන් ඉවත් වුණා.
කලාවෙන් උපයන මුදල්වලට මොකද කරන්නේ?
දැන් අවුරුදු පහක්‌ තිස්‌සේ මං සංගීත ප්‍රසංගයකින් හෝ රඟපෑමෙන් හෝ ඕනෑම කලා කටයුත්තකින් උපයන යම් මුදලක්‌ තියේද ඒ මුදල් අංගවිකල දරුවන් සිටින නිවාසයකටයි ලබා දෙන්නේ. පනස්‌ දෙනෙක්‌ විතර පිරිසකට තුන් වේල කන්න බොන්න දීලා මං ලබන ඒ සතුට වෙන කිසි දේකින් ලබන්න බෑ මට ජීවිතේට. කලාවෙන් උපයන මුදලින් එක රුපියලක්‌වත් මං මගේ වියදමට අරං නෑ.
එතකොට ලේ දන් දෙන්නේ?
ගල්කිස්‌සේදී ලේ දන්දීමේ පිංකමක්‌ සංවිධානය කරලා හැම මාස හතරෙන් හතරටම මං පිළිකා රෝහලට ලේ පයින්ට්‌ 1000 ක්‌ දෙන්න කටයුතු කරනවා. කාටවත් පුංචි හරි උදව්වක්‌ නොකර සල්ලි පොදි බැඳන් ජීවත් වෙලා මොකටද. අපි දවසක මැරෙනවා.
එතකොට ඔබ ජීවත් වෙන්නේ?
මං වෙනුවෙන් මම වෙනම ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. මං අදහන දෙවියෝ මාව ඒකෙන් ශක්‌තිමත් කරලා තියෙනවා. ඇත්තටම මම කලා කටයුතු කරන්නේ විනෝදාංශයක්‌ වශයෙන්.
ව්‍යාපාර කරන කලාකරුවන් නිෂ්පාදනයට අධ්‍යක්‌ෂණයට යොමු වෙනවා දකින්න පුළුවන්. ඔබත්….
රඟපෑම කරගෙන ඉන්න එක මට හොඳයි. මොකද ඒ දේවල් කරන්න මිනිස්‌සු ඉන්නවා සහ ඉපදෙයි ලෝකේ. එයාලගේ දේ එයාලට කරන්න තියෙන්න ඕනනේ. එක්‌කෙනාම සින්දු කියන්නයි නිෂ්පාදනය කරන්නයි අධ්‍යක්‌ෂණය කරන්නයි රඟපාන්නයි ගියාම තව කෙනෙක්‌ගේ රස්‌සාවයි අපි නැති කරන්නේ.
රයන් කියන ගායකයා කවදද ගීතයක්‌ රිලීස්‌ කරන්නේ?
දැනට මගේ ගීත දෙකක්‌ මං නිර්මාණය කරලා තියෙනවා. ‘මතක පොතේ’ සහ ‘ඇස්‌ දෙක දිහා’ කියලා. ෂෙහාන් ගලහිටියාව රචනා කළ ප්‍රියන්ත නාවලගේ සංගීතවත් කළ ගීත. මේ අවුරුද්දේ අන්තිමට ඒ ගීත රිලීස්‌ කරනවා. ඒ අතර විදෙස්‌ ප්‍රසංග වලට සහභාගී වෙනවා.
ගෙදර කට්‌ටිය කෝ මේ දවස්‌වල?
මට ඉන්නේ අම්මයි තාත්තයි නංගියි. මේ දවස්‌වල ඒගොල්ලෝ රට. ඉතිං අවුරුදු තුනක්‌ තිස්‌සේ මායි ස්‌ර්වන්ට්‌ලා දෙන්නයි බල්ලෝ හයදෙනයි තමයි ගෙදර ඉන්නේ.
පෙම්වතිය?
පෙම්වතියක්‌ හිටියා. මීට අවුරුද්දයි මාස තුනකට කලින්. දැනට නං පෙම්වතියක්‌ මට නැති එක හොඳක්‌. මොකද එයා වෙනුවෙන් කාලය වෙන්කර ගන්න බැරිවෙයි මේ ටිකේ.
බලාපොරොත්තුවෙන්නේ කොයි වගේ කෙනෙක්‌ද?
මාත් එක්‌ක මැරෙනකන් ජීවත් වෙන්න පුළුවන් මාව තේරුම් ගන්න පුළුවන් අවංක කෙනෙක්‌. මං වැටෙන හැම තැනකදීම මට ශක්‌තියක්‌ වෙන කෙනෙක්‌. එහෙම නැතුව ගොඩක්‌ ලස්‌සන කොළඹ හතේ කෙනෙක්‌ද වැල්ලවාය දුප්පත් පැල්පතක කෙනෙක්‌ද කියන එක මට වැදගත් නෑ. ලස්‌සනවත්, පාටවත්, දුප්පත් පොහොසත් බවවත් මට අදාළ නෑ.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

දුමින්ද නිදහස් කරන්නම ඕනෑ.. බැසිල් පාර්ලිමේන්තු එන්නම ඕනෑ.. තවත් මේවා අතගගා ඉන්න ඕන නෑ..- අරුන්දික

Shiran Viraj

සමයං ගේ හැකියාව ගැන මහින්දගෙන් උපදේශයක්

Shiran Viraj

SJB පාර්ලිමේන්තු මන්ත‍්‍රී හමුදාපතිගේ නිවස වීඩියෝ කරයි.. පොලිසියට පැමිණිලි..

Shiran Viraj