mediahumanrights.lk
Entertainment Entertainment News News

රූ රැජනකගෙන් සාරංගට හාදුවක්

කොහොමද ජීවිතේ?
වැඩකටයුතු ටිකත් කරගෙන හොඳින් ඉන්නවා.
දැන් ඔය මේ දවස්වල කරන වැඩ ටික මොනවද කියලත් කියමු නේද?
චාමර පීරිස් අධ්‍යක්ෂණය කරන ‘බටහිර අහස’ කියන අලුත් නාට්‍යයකට සම්බන්ධ වුණා. ඒ වගේම තව වේදිකා නාට්‍ය දෙකකත් පුහුණුවීම් කරගෙන යනවා. ඊට අමතරව සුපුරුදු විදියටම හාරකෝටියේ රූගත කිරීම් කරනවා.
රූ රැජනක් සාරංගට දුන්න හාදුවත් දැන් කතාබහට ලක් වෙන්න අරගෙන?
මිස් ශ්‍රී ලංකා අවසාන තරගයට රූ රැජනක් සහභාගි වුණා. වෙනිසියුලාවේ miss earth water කිරුළ පැලඳුව යුවතිය තමයි ඒ හාදුව දුන්නේ. ඒ සිදුවුණ දේ තමයි ප්‍රේක්ෂකයෝ අතර කතාබහට ලක් වුණේ.
ඒ හාදුව සාරංගටත් විශේෂ වෙන්න ඇති?
මෙහෙමයි ඉතිං එයාලගෙ සංස්කෘතියෙ හැටියට හාදුවක් කියන්නෙ මහ ලොකු දෙයක් නෙවෙයි.
එතකොට ඒ ඡායාරූපය ෆේස් බුක් දැම්මේ විශේෂ නිසා නෙවෙයිද?
එහෙම නැහැ. ඒක මිස් ශ්‍රී ලංකා තරගයට අදාළ ඡායාරූපයක්. ඒ තරගයට අදාළ තවත් ඡායාරූප ෆේස්බුක් දාලා තිබුණා.
හාදුව දුන් තරුණිය ගැන සාරංගට මොකද හිතෙන්නේ?
අපි එදාමයි මුණගැහුණෙත්. හැබැයි ඇය හුඟාක් සුහද තරුණියක්.
රංගනයේදී විවිධ චරිත ලැබීම අතින් සාරංග හුඟාක් පොහොසත් නේද?
ඔව්. ඒකේ ලොකුම ගෞරවය ලැබෙන්න ඕන ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයාට. මොකද ඔහු තමයි මට ගොඩක් වෙනස් චරිත ලබා දුන්නෙ සහ ඔහු තමයි මගේ හැකියාවන් මුලින්ම හඳුනා ගත්තේ.
ආයෙමත් සිනමාව පැත්තටත් එනවලු නේද?
ඔව්. සඳරුවන් ජයවික්‍රම අධ්‍යක්ෂණය කරන සිහින අභිෂේකය චිත්‍රපටයට සම්බන්ධ වෙලා ඉන්නවා. බොහෝ දුරට තවත් චිත්‍රපටයකට ඔක්තෝබර් මාසයේ සම්බන්ධ වෙයි. නමුත් තාම ඒක සාකච්ඡා මට්ටමේ තියෙන්නේ.
සාරංග ජීවිතයේදී ලැබෙන දේවල් ගැන ගොඩක් සතුටු වෙන කෙනෙක්ද?
එහෙම නැහැ. ලැබෙන දේ ගැනවත් නොලැබෙන දේ ගැනවත් එච්චර හිතන්නෙ නැහැ. ජීවිතේ මධ්‍යස්ථව තමයි ගත කරන්නෙ.
ඔබට ජීවිතයේ හුඟාක් දේවල් හිමි වුණා වගේම සමහර දේවල් අහිමි වුණානේ. ඒ ගැන දුකක් තියෙනවාද?
සමහර දේවල් අහිමි වුණා. මට ඒ ගැන දුකක් නැහැ. මොකද මම බෞද්ධයෙක් හැටියට අටලෝ දහම ගැන දන්නවා. ඒ ගැන විශ්වාස කරනවා. ඒවා ගැන ලොකුවට හිතන්නෙ නැහැ.
ආයෙමත් සින්දුවක් කරන්න අදහසක් නැද්ද?
කාර්යබහුල නිසා සංගීතය පැත්තට යොමුවෙන්න බැරිවුණා. ඒත් දැන් සැලසුම් කරගෙන යනවා අලුතින් ගීතයක් කරන්න.
යුග ගීතයක් කරන්න කෙනෙක්ව හොයාගෙනද ඉන්නෙ?
මම අමිලා නදීශානි එක්ක යුග ගීතයක් කළා. ඒකටත් මම වීඩියෝවක් කරන්න ඉන්නෙ. ඒත් එක්කම තව යුග ගායනාවලට මට ආරාධනා ලැබෙනවා. මගේම ගීතයක් කරන්නත් මට අදහසක් තියෙනවා.
(මව්බිම පුවත් පත ඇසුරෙනි)

Related posts

අරක්කු බෝතල් පහක් දී පෙට‍්‍රල් ලීටර පහක් ගනී…

Shiran Viraj

Travel Update – Detroit named second best city for 2018 travel destinations

Shiran Viraj

මුතූ මේ සැරේ ළං වුණේ කාටද?

Shiran Viraj