mediahumanrights.lk
NewsPolitical

20 සංශෝධනයෙන් පසු එකවර සියළු පළාත් සභා මැතිවරණය

20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගොනු කළ පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද ආරම්භ වුණා.
ඒ, අග විනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.
එහිදී ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් නීතිපතිවරයා සඳහන් කළේ පනත සම්මත වූ දිනයේ සිට වසරක් ඇතුළත මැතිවරණය පැවැත්වවීමට කටයුතු කරන බවයි.
ඒ අනුව සියලූ පළාත් සභාවල මැතිවරණය එකම දිනයකදී ක්‍රියාත්මක වනු ඇති.
මීට අමතරව යම්කිසි පළාත් සභාවක නිළ කාලය අවසන් වීමට පෙර මාස 42ක් තුළ එය විසුරුවා හැරියහොත් ඒ සඳහා ද මැතිවරණයක් පැවැත්වීමට ප්‍රතිපාදන ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
ඊට අදාල සංශෝධන ගෙන එන බවට වූ නීතිපතිවරයාගේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට අද වාචිකව දැනුම් දුන්නා.
එය ලිඛිතව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලෙසයි මෙහිදී නීතිපතිවරයා නියෝග කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

හෙඩ්ලයින් හොඳයි ප්‍රතිඵලය භයානකයි

Shiran Viraj

නාරාහේන්පිට පාරක් ගිලා බසී

Shiran Viraj

රනිල්, සජිත්, අනුර ජනාධිපති වුනොත් මුදල් ඇමතිලා මෙන්න..

Shiran Viraj
Translate »