mediahumanrights.lk
Local News News

තවත් උසස් පෙළ විභාග වංචාකරුවෙක් මාට්ටු

අපොස උසස් පෙළ විභාගයේ ගණකාධිකරණය දෙවන ප‍්‍රශ්න පත‍්‍රය සඳහා වංචනිකව පෙනී සිටි පුද්ගලයෙකු උහන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
ඒ, විභාගය පැවති විද්‍යාලයේ විභාග ශාලාධිපති විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනූවයි.
මෙවර විභාගයට පෙනී සිටින ශිෂ්‍යයෙකු වෙනුවෙන් සැකකරු වංචනික ලෙස පෙනී සිට ඇති බවයි වැඩිදුර විමර්ශනයේ දී අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු මහඔය ප‍්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසු වූ අයෙක්. ඔහු අම්පාර මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (30) ඉදිරිපත් කිරීමට නියමිතයි.
මීට පෙරද අපොස උසස් පෙළ 2017 රසායන විද්‍යා 2 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ඇතුළත් අත් පත්‍රිකාවක් ගම්පහ ප්‍රදේශයේ බාලිකා පාසලක් ඉදිරිපිට මාර්ගයේ දී විභාගය නිමවී සිසුන් පිටතට පැමිණෙන අවස්ථාවේ බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත්තා.
(under the courtesy of nethfm news web)

Related posts

බුරවි සුලි කුණාටුවෙන් උතුරේ 43,814ක් විපතට.. නිවාස 2000කට හානි..

Shiran Viraj

අර්ජුන් මහේන්ද්‍රන් ලකාවට පිටුවහල් කිරීමට සිංගප්පූරුව සැරසේ

Shiran Viraj

විස්සේ විවාදය අද දෙවන දිනටත් – ඡන්දය රාත‍්‍රියේ

Shiran Viraj