2026-09-07
mediahumanrights.lk
NewsSportsSports News

සිම්බාබ්වෙන් ලැබූ දරුණු පරාජයෙන් පසු සංගා වෙනත් භාෂාවකින් කියපු අමුතු කතාවේ තේරුම මෙන්න

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරඟාවලිය ඊයේ අවසන් වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට, ක්‍රීඩකයින්ට මෙන්ම ක්‍රීඩාලෝලීන්ටද මෙරට ක්‍රිකට් ක්‍රිඩාවේ අනාගතය පිළිබඳව වරක් දෙවරක් නොව දහස් වරක් සිතන්නට අවස්ථාවක් උදාකරමින්.
ඒ දෙරට අතර ඊයේ පැවැති අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 3 ක අමිහිරි පරාජයක් අත් විදින්නට සිදුවීමත් සමඟයි.
මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉතිහාසයේ පළමු වරට සිම්බාබ්වේ කණ්ඩායමක් හමුවේ ලද තරගාවලි පරාජයයි.
මේ අතර ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති අවසන් තරඟය පරාජය වීමත් සමඟ සියලුම ක්‍රීඩා ලෝලීන් තුළ මේ පිලිබඳව දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර අද කණ්ඩායමට අත්වූ පරාජයත් සමඟ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
Quo Vadis Sri Lanka cricket?’ මෙහි අර්ථය වන්නේ  “ශ්‍රී ලංකා ක්‍රිකට් මේ කුමන දිශාවකට ගමන් කරන්නේද ?” යන්නයි
‘Quo Vadis’ යනු ලතින් වචනයක් එහි අර්ථය වන්නේ ‘ඔබ කොහේද යන්නේ’ යන්නයි.
මේ අතර අදාළ ට්විටර් පණිවුඩය ඔස්සේ සංගා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ලද පරාජයෙන් පසුව ක්‍රිකට් ආයතනය, ක්‍රීඩකයන්, ප්‍රෙක්ෂකයන් මෙන්ම කණ්ඩායමේ නිලධාරින් ගේ හැගීම කෙසේදැයි දන්නා බවයි.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට සහය අවශ්‍ය කරන බවත් දේශපාලනය වැනි නොවැදගත් කරුණු පිළිබඳව අවධානය යොමු නොකරන ලෙසයි.
(under the courtesy of hirunews news web)

Related posts

නව සීමා යටතේ උපකාරක පංති ආරම්භ කිරීමේදී ගැටලු රැසක්

Shiran Viraj

විද්‍යුත් බස් රථ සේවයක් හඳුන්වාදෙන්න සූදානම්

Shiran Viraj

සමාජ ජාලයන්හි අදහස් පල කරන්නන් ‘සයිබර් ආරක්ෂණ පනත’ මගින් Blackmail කරයි..

Shiran Viraj
Translate »