mediahumanrights.lk
International News News

යේමනයේ කොළරා වසංගතය පැතිරේ

සිවිල් යුද්ධයකට මැදිවී සිටින යේමනයේ කොළරා රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය සති 10 තුළ තුන්ලක්ෂයකට ආසන්න වී ඇති බව ජාත්‍යන්තර රතු කුරුස කමිටුව පවසනවා.
එමගින් පෙන්වා දෙන්නේ දිනකට නව රෝගීන් 7000ක් පමණ වාර්තා වන අතර, එය පාලනය කිරීම දුෂ්කර වී ඇති බවයි.
ජගත් සංවිධාන වාර්තාවලට අනුව යේමනයේ කොළරා රෝගීන් 1700කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.
ජගත් සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සිවිල් යුද්ධය හේතුවෙන් එහි මිලියන 14.5ක් පමණ ජනතාවට පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් නොලැබෙන බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

ශ්‍රී ලංකාව රිදී පදක්කමක් දිනා ගනියි

Shiran Viraj

මහින්දට පක්‍ෂ 46ක් පමණයි.. පොහොට්ටුවේ අත්සත් ව්‍යාපාරය නවතා දමයි..

Shiran Viraj

පාකිස්ථානයට ලකුණු 32ක ජයක්

Shiran Viraj