mediahumanrights.lk
International News News

ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු

ඉන්දීය උප ජනාධිපති තනතුර සඳහා නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය විසින් එරට නාගරික සංවර්ධන අමාත්‍යවරයා වූ වෙන්කයියා නායිදු ඊයේ නම් කළා.
කොංග්‍රස් පක්ෂය ඒ සඳහා ඉදිරිපත් කර ඇත්තේ මහත්මා ගාන්ධිතුමන්ගේ මුණුපුරෙකු වන ගෝපාල ක්‍රිෂ්ණ ගාන්ධි. ඉන්දීය ජනාධිපතිවරණය ඊයේ පැවැත්වුණු අතර, එහිදී භාරතීය ජනතා පක්ෂ අපේක්ෂකයා වූ රාම් නාත් කෝවින්ද් ඉදිරියෙන් සිටින බව වාර්තා වුණා.
විපක්ෂ කොංග්‍රස් පක්ෂයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ ලෝක් සභාවේ හිටපු කථානායිකා මෙයිරා කුමාර්. ඊයේ පැවැති ඡන්ද විමසීමේදී ඉන්දීය පාර්ලිමේන්තු සහ රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් අතරින් සියයට 99ක්ම ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, ඉන් සියයට 70ක් රාම් නාත් කෝවින්ද්ට හිමි වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ නමුත් මෙහි නිළ ප්‍රතිඵල ලබන 20 වන දා නිකුත් කෙරෙනු ඇති.
(under the courtesy of hirunews news web)

Related posts

බෝනස් කේස් නිසා සුගතදාස පරිපාලනය අවුල් වෙලා

Shiran Viraj

ඛනිජ තෙල් සේවකයෝ යළිත් වර්ජනයට සැරසෙති

Shiran Viraj

ඇමතිගේ වැඩි ආරක්ෂාව STF ලොක්කගේ තනතුරට තට්ටු කරයි ?

Shiran Viraj