29.5 C
Colombo
2026-02-17
mediahumanrights.lk
LIFELIFE NEWSNews

රුධිර වහනය පාලනය කරන්න මේ විදියට කන්න බොන්න

ප්‍රශ්නය – කාන්තාවකගේ ගර්භාෂය තුළ ගෙඩි, වන හෝ පිළිකා තත්ත්වයක්‌ හට ගත් විට ඒ බව හඳුනා ගන්නා හැටිත්, එවැනි තත්ත්වයක්‌ මර්දනය කිරීම සඳහා ආයුර්වේදය සහ බටහිර වෛද්‍ය විද්‍යාව මගින් කරන ප්‍රතිකාර කවරේද යන්නත් පසුගිය සතියේදී කළ සාකච්ඡාව මගින් ඔබ අපට පැහැදිලි කළා. මෙවැනි තත්ත්වයක්‌ තුළදී රුධිරය පිටවීමට පටන් ගත් විට එම තත්ත්වය සමනය කර ගැනීම සඳහා ආහාර රටාව වෙනස්‌ කරගත යුතු බවක්‌ ඔබ අපට කිව්වා. මොකද්ද මේ ආහාර රටාව.
සුදුසු ආහාර
Ö ධාන්‍ය – රතු කැකුළු, කුරුළු තුඩ සහල්, බාර්ලි, මුං ඇට, පරිප්පු.
Ö එළවළු – පුහුල්, අළු පුහුල්, අළු කෙසෙල්, නෙළුම් අල, ඕළු අල, මානෙල් අල, කෙකටිය, දියලබු, කෙසෙල් බඩ, පොලොස්‌, කොහිල, කතුරුමුරුංගා මල්, වට්‌ටක්‌කා
Ö පලා – තම්පලා, කූර තම්පලා, පිටවක්‌කා, කර කොල, කිරි අඟුණ, කතුරුමුරුංගා, ගොටුකොළ, වට්‌ටක්‌කා දළු
Ö පළතුරු – මාදං, දෙළුම්, සුවඳෙල්, කෙසෙල්, පුවාළු, ආනමාළු, ඉදුණු අළුකෙසෙල්, වට්‌ටක්‌කා, උගුරැස්‌ස, මසං, මුද්දරප්පලම්, රටඉඳි, අක්‌ ගස්‌, කළු අක්‌, වැල් දොඩම්, ඇපල්, ඇත්දෙමට ගෙඩි
Ö මාංශමය ආහාර – කුඩා මාළු, එළකිරි, මෝරු, දීකිරි.
Ö වෙනත් – කිතුල් පැණි, විලඳ කුඩු, සව්, කිතුල් හකුරු
Ö පාන – තැඹිලි, කුරුම්බා, උක්‌ යුෂ, බත් කැඳ, ඉරමුසු කැඳ, හාතාවාරිය කැඳ, පිටවක්‌කා කැඳ, එළවළු සුප්, කිතුල් පිටි කැඳ, නෙළුම් අල කැඳ, රණවරා මල් තම්බා පානය, තැල් කොල (කළුකැම්බේරිය) කොටා ගත් යුෂ පානය, කූර තම්පලා, සහමුල කොටා ගත් යුෂ පානය.
නුසුදුසු ආහාර සහ විහරණ
Ö අබ, විනාකිරි, අච්චාරු, චට්‌නි, සෝස්‌, මෝජු, බිලිං, තක්‌කාලි, සුදුලූනු, ලුණු දෙහි, ටින් මාළු, ජාඩි, ඉස්‌සන්, දැල්ලන්, කකුළුවන්, හරක්‌ මස්‌, බල මාළු, අන්නාසි, රට දෙල්, රාබු, කොල්ලු, කළු තල, දුරු මිරිස්‌ අධික ආහාර, බල කරවල, මධ්‍යසාර.
Ö අධික උණුසුමට නිරාවරණය
Ö අධික වෙහෙස ගෙන දෙන ව්‍යායාම සහ වැඩ
Ö දුර ගමන් යැම.
Ö මානසික වියවුල්
ඉහත සඳහන් ස්‌වභාවයේ ආහාරවලින් ශරීරයට අවශ්‍ය හැම පෝෂ්‍ය පදාර්ථයක්‌ම ආවරණයවෙනවා. විශේෂයෙන් රතුකැකුළු, කුරුළුතුඩ සහල් යනාදියේ fiber හෙවත් කෙඳි සහිත ස්‌වභාවය ඉතාම ඉහළයි. බාර්ලිවල තිබෙනවා ශරීරයේ උෂ්ණ ගුණය නසන ස්‌වභාවයක්‌. මුං ඇට සහ පරිප්පු කියන්නේ ප්‍රොaටීන බහුල ආහාරයක්‌. මෙහිදී අප නිර්දේශ කර ඇති එළවළු වර්ග සිරුරට සිසිල් ගුණය ගෙන දෙනවා. නුසුදුසු ආහාර ලෙස හඳුන්වා දී ඇති කොටසේ සඳහන් වන ටින් මාලු, හරක්‌ මස්‌, ජාඩි බල මාලු කියන වර්ග තුළ ශරීරයට දරන්න බැරි තරම් ප්‍රොaටීන ප්‍රමාණයක්‌ තිබෙනවා. විනාකිරි, අච්චාරු, චට්‌නි, සෝස්‌, බිලිං, තක්‌කාලි, ලුණු දෙහි යනාදියේ ආම්ලික සැර ගතිය ඉතා වැඩියි. කොල්ලු කියන්නේ උෂ්ණ ගුණය සහිත ඉතාම පෝෂ්‍යදායක ආහාරයක්‌. එහි තිබෙන ප්‍රොaටීන තොගය ශරීරයට දරා ගන්න බැහැ. ඒ නිසා ඒවා පරිභෝජනය කළාම නොයෙකුත් වියවුල් හට ගන්නවා.
divaina.com

Related posts

ගාල්ලේදී එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම ප‍්‍රබල ස්ථානයක

Shiran Viraj

නායකත්වය මාලිංග අතට එයි

Shiran Viraj

පාපන්දු නිලවරණය අද

Shiran Viraj
Translate »