mediahumanrights.lk
Local NewsNews

හෙට වැස්ස ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

හෙට (11) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතේ සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව ඔවුන් කියා සිටියි.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් බිබිල ප්‍රදේශයේත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
(under the courtesy of adaderana news web)

Related posts

මහර පිපුරුම පිටුපස බන්ධනාගාර රෝහලේ ප‍්‍රධානියෙක්

Shiran Viraj

රටේම ජනතා ප්‍රාර්ථනාව ඉක්මනින්ම මාලිමාව බලය ගන්න කියන එකයි.. 113 තනි ආණ්ඩුව ෂුවර්..

Shiran Viraj

කුඩා දරුවා කැලණි ගගට දමා මවත් පනින්න යද්දී අල්ලයි..

Shiran Viraj
Translate »