mediahumanrights.lk
International NewsNews

පිරිමි පුද්ගලයෙකු දරුවෙකු බිහි කරයි – ලංකාවේ අපිට පුදුම හිතෙන කතාවක්

පිරිමි පුද්ගලයෙකු විසින් දරුවෙකු ප්‍රසූත කළ පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වනවා.
හැඩන් ක්‍රොස් නමැති මෙම පුද්ගලයා පසුගිය 16 වැනිදා සිසේරියන් සැත්කමකින් පසු මෙම ගැහැණු දරුවා ප්‍රසූත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ.
දැනට වසර 3 කට පමණ පෙර සිට හැඩන් ක්‍රොස් පිරිමි පුද්ගලයෙකු ලෙස බ්‍රිතාන්‍ය යේ නීත්‍යානුකූලව ලියාපදිංචිව සිටිනවා.
මොහු විසින් බිහිකළ දියණියට ට්‍රිනිටි ලෙස නම් තබා තිබෙනවා.
මෙම දියණියගේ උපතත් සමඟ හැඩන් ක්‍රොස් දරුවෙකු ප්‍රසූත කළ පළමු බ්‍රිතාන්‍ය පිරිමි පුද්ගලයා ලෙස ඉතිහාස ගත වනවා.
2008 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ තෝමස් බෙවති නමැති පුද්ගලයෙකු විසින් දරුවෙකු ප්‍රසූත කළ අතර ඔහුද කාන්තාවක් ලෙස උපත ලබා පසුව ලිංගික සංක්‍රාන්තියකින් පිරිමියෙකු බවට පත්වුණු පුද්ගලයෙක්.
හෝමෝන ප්‍රතිකාර හරහා පිරිමින් බවට පත් වුවද ඔවුන්ගේ ශරීරයේ ගැබ්ගැනීම සඳහා අවශ්‍ය ගර්භාෂය ආරක්ෂිතව පවතින බවයි වාර්තාවල දැක්වෙන්නේ.
(under the courtesy of adaderana news web)

Related posts

ඩේල් ස්ටේන්ට එංගලන්ත සංචාරය අහිමි වෙයි

Shiran Viraj

අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් නෑ

Shiran Viraj

තවත් ගෑස් පිපිරීමක්…

Shiran Viraj
Translate »