mediahumanrights.lk
NewsPolitical

ගමේ පාසල් සියලු පහසුකම්වලින් සම්පූර්ණ කරනවා

ජනප්‍රිය යැයි කියන පාසල්වලට ළමුන් ඇතුළත් කර  ගැනීම සඳහා පවතින තරඟයට තිබෙන පැහැදිලි සහ ස්ථීර විසඳුම ගමේ පාසල් සියලු පහසුකම්වලින් සම්පූර්ණ කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වත්මන් රජය එම ප්‍රතිපත්තියට අනුව කටයුතු කරමින් ග්‍රාමීය පාසල් සංවර්ධනය කිරීම සඳහා මේ වන විට පුළුල් වැඩකොටසක් ඉටු කරමින් සිටින බවයි.
බද්දේගම සාන්ත අන්තෝති විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද නව තාක්ෂණ පීඨය සහ තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
නගරයේ තිබෙන පාසල හොඳම පාසල කියන මතය දෙමාපියන් අතර තරඟකාරීත්වයක් ඇති කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.
එබැවින් ළඟම පාසල හොඳම පාසල බවට පත් කරමින් රටේ සියලු දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට වත්මන් රජය කැපවී සිටින බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

උපාධිය හදාරන්න බැංකු ණයක්.. පොලිය 13%යි.. අනුමතයි..

Shiran Viraj

සෙන්කෝලය හැදූ පියතිලකට එය ස්පර්ශ කරන්න කතානායක අවසරය ලද මොහොත

Shiran Viraj

තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ

Shiran Viraj
Translate »