29.5 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

පොලිසියට ඇති සුවිශේෂී බලය ගැන මතක් කරයි

වෘත්තියමය සංවිධානයක් ලෙස ඉදිරියට යාමට නම් සියලු පොලිස් නිළධාරීන් නිවැරදිව නීතිය ඉගෙනගත යුතු බව පොලිස් විනය හා කල් ක‍්‍රියාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ දූෂණ ක‍්‍රියා සම්බන්ධයෙන් සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ඇතැම් පොලිස් නිළධාරින්ට විවිධ අවස්ථාවන්වලදී චෝදනා එල්ලවන බවයි.
මහනුවර පැවති උත්සවයකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළා.
අධිකරණ්යේ නඩු මෙහෙයවීම සම්බන්ධයෙන් පොලිසියට හිමිව ඇති බලය සුවිශේෂි එකක් බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙහිදී වැඩි දුරටත් කියා සිටියා.
එහිදී ඔහු සඳහන් කළේ ලෝකයේ බොහෝ රටවල් ගැන සළකා බැලීමේදී නඩු මෙහෙයවීමේ බලතල පොලිසියට ලැබී නොමැති බවයි. එහෙත් නඩු මෙහෙයවීමේ බලතල හිමි පොලිස් සංවිධාන අතරින් ශ්‍රී ලංකා පොලිසිය සුවිශේෂී බවද සඳහන් කළා. ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳ ව්‍යවස්ථාදායක තබා ඇති විශ්වාසය නිසා එම අවස්ථාව ශ්‍රී ලංකා පොලිසියට හිමි වී ඇති බවද සඳහන් කළා. කෙසේවෙතත් නීතිය ක්‍රියාත්මක කර අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනියනවා සේම සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම්වලට ගරු කළ යුතු බවද පෙන්වා දුන්නා.
(under the courtesy of nethfm news web)

Related posts

අවම බලය පලක් නෑ.. සෙබළුන් දෙදෙනකුට සිහි නැති වෙන්න ගහලා.. සියළු බලය යොදවනවා..- යුද හමුදාවෙන් නිවේදනයක්…

Shiran Viraj

ඩීසල් ලීටරයක් රුපියල් හයසීයයි…

Shiran Viraj

ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්

Shiran Viraj
Translate »