31.7 C
Colombo
2026-07-08
mediahumanrights.lk
Local NewsNews

මදුරු දෂ්ඨනයෙන් දරුවන් රැක ගන්න විශේෂ උපදෙස්

මෙම වසරේ ගත වූ මාස හයේ දී ඩෙංගු බවට සැක කරන රෝගීන් 69380 ක් වාර්තා වී තිබෙනවා.
වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. එය සියයට 43 කට ආසන්නයි.
වාර්තාවන දත්තවලට අනුව ඩෙංගු වැළදුණු රෝගීන්ගෙන් සියයට 30කට ආසන්න සංඛ්‍යාවක් ළමුන්. ඒ අනුව ඩෙංගු වැලඳීමෙන් ළමුන් ආරක්ෂා කර ගැනීම සඳහා පියවර ගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙන්නේ.
ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර සඳහන් කළේ නිවසේ දී මෙන්ම පාසල් පරිශ‍්‍රයන්හිදී ද දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි.
දරුවන් මදුරු දෂ්ඨනයන්ට ලක්වන අවස්ථා පිළිබඳව අවධානයෙන් සිටීම, මේ දිනවල දරුවන්ගේ ශරීරය සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි ඇඳුම් ඇන්දවීම, දරුවන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල මදුරුවන් බෝ විය හැකි පරිශ්‍රයන් ඇත්දැයි සොයා බැලීම ආදිය පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ යුතු වනවා. මෙම මදුරු දෂ්ඨනයන් වැඩි වශයෙන් සිදු වන්නේ පාද ආශ්‍රිතව බැවින් ඒ පිළිබඳවත් අවධානයෙන් සිටින ලෙසයි සඳහන් කළේ.
මේ අතර ඩෙංගු මර්දනය සඳහා මහජනතාව උනන්දු කෙරෙන මෙහෙයුමක් නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් බලකායන්ගේ ද සහභාගීත්වයෙන් හෙට (27) සහ අනිද්දා (28) යන දිනවල දී සිදු කිරීමට නියමිතයි. ඒ, බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ හපුගල මහ විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින්.
(under the courtesy of nethfm news web)

Related posts

"මැච් එක දින්නේ මම නිසයි, චන්දි පුතා මගේ ලගට එවපු දයාසිරි ඇමතිතුමාට ස්තුතියි" බුකිය රත් කරමින් සාස්තර කාන්තාවක් ජයග්‍රහනයට හිමිකම් කියපු හැටි..

Shiran Viraj

මෙතෙක් දරුණුම කොරෝනා ප‍්‍රභේදය හමුවේ.. සියළු එන්නත් බිදිමින් වේගයෙන් පැතිරේ..

Shiran Viraj

කොරෝනා රෝගීන් රෝහල්වල පිරී ඉතිරේ.. ආසාදිතයන් නිවසේ සිට ප‍්‍රතිකාර ක‍්‍රමයකට යෝජනා.. වෛද්‍ය උපදෙස් දුරකතනයෙන්..

Shiran Viraj
Translate »