31.7 C
Colombo
2026-02-04
mediahumanrights.lk
Local NewsNews

දුම්රිය වැඩවර්ජනය සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාවක් අද

දුම්රිය වැඩවර්ජනය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.
අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවේ තීරණය මත වර්ජනය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමටයි තීරණය කර ඇත්තේ.
දුම්රිය රියදුරන්ගේ සංගමය සහ දුම්රිය නියාමක සංගමය මීට පෙර තිරණය කර තිබුණේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරිමටයි.
එහෙත් ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කළා.
අද පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී ස්ථීර විසදුමක් නොලැබුනහොත් ගන්නා ක්‍රියාමාර්ග කවරේ දැයි නෙත් නිවුස් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ ගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ යම් හේතුවකින් විසදුමක් නොලැබුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
කිසියම් මොහොතක වර්ජනයක් ආරම්භ කරන්නේ නම් ඊට සහාය පළ කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයද පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
(under the courtesy of nethfm news web)

Related posts

මව්වරුන්ගේ දිනය ලොකුවට සමරන අපිට පියවරුන්ගේ දිනය අමතකද?

Shiran Viraj

බුරවි සුලි කුණාටුවෙන් උතුරේ 43,814ක් විපතට.. නිවාස 2000කට හානි..

Shiran Viraj

බන්ධනාගාර පහසුකම්ගැන කතානායක විමල්ගෙන් අහයි

Shiran Viraj
Translate »