mediahumanrights.lk
Local NewsNews

තාරකා ඉබ්බන් 2089 ක් සමඟ 2ක් මාට්ටු

ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබු තාරකා ඉබ්බන් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත වයඹ නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් කල්පිටිය ඉප්පන්තිව් සහ අරිච්චාල් අතර මුහුදු ප්‍රදේශයේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.
ඩිංගි යාත්‍රාවක් මඟින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබු ජීවි තාරකා ඉබ්බන් 2089ක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදා භාරයට ගැණුනු තාරකා ඉබ්බන්, ඩිංගි යාත්‍රා ඇතුළු ආම්පන්න සහ සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා සින්නපාඩු රේගු නිලධාරී කාර්යාලය වෙත භාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

සෑම ඩෙංගු රෝගීන් තිදෙනෙකු අතරම දරුවෙක්

Shiran Viraj

අලි සබ්රි මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වේ…

Shiran Viraj

ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරයි: නව නිෂ්පාදන 7ක් වෙළෙඳපොළට

Shiran Viraj
Translate »