mediahumanrights.lk
Local News News Political

ආධාර සමුළුවට කැබිනට් අනුමැතිය

ජනාධිපතිවරයා විසින් විශේෂ කාර්යයක් ලෙස සළකා ආධාර සමුළුවක් පැවැත් වීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගනු ලැබූ බව විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසයි.
අද(15) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
සාමාන්‍ය ආධාර ලබා ගැනීමේ ක්‍රමවේදයෙන් වෙනස් වී හදිසි අවස්ථාවලදී පමණක් රජයට මෙවැනි සුවිශේෂී සමුළුවක් පැවැත් වීමේ හැකියාවක් හිමි වී ඇති බවත් එහිදි ඒ ඒ රටවල් ලබා දෙන සාමාන්‍ය ප්‍රතිපාදනවලට අමතරව ශ්‍රී ලංකාව තුළ ඇති විශේෂ අවශ්‍යතා සපුරාලීමට එකඟත්වය පළ කරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
2004 වසරේ සුනාමිය ඇති වු විට ද මෙවැනිම ආධාර සමුළුවක් පැවැත් වු බවත් එහිදි ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ආධාර මුදල් අමාත්‍යාංශය හරහා හිමි වු බව ද අමුණුගම මහතා පවසයි.
මේ වන විටත් සමුළුව සඳහා අවශ්‍ය වැඩකටයුතු සකසමින් පවතින බවත් එහිදී හදිසි ආපදාවක් තුළ ඉටු කර ගත යුතු මහා පරිමාණ ව්‍යාපෘති සඳහා අවධානය යොමු කර ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.
ගංගා ආරම්භ කරන ස්ථානවල වේලි නිර්මාණය කිරීමට මේ වන විටත් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත් ප්‍රධාන ගංගා 4 ක් මුල් කර ගනිමින් මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘති සඳහා අවධානය යොමු කර ඇති බවත් ඒ තුළින් පවතින ආපදා තත්ත්වයන්ට ස්ථීරසාර විසඳුමක් ලබා දීමට හැකි වෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බවත් අමුණුගම මහතා පැවසීය.
(under the courtesy of adaderana news web)

Related posts

ඉර කපපු රියදුරාට විජේරාමෙදි පොලිස් නිළධාරියෙක් උගන්වපු අමතක නොවෙන පාඩම – Video

Shiran Viraj

සාරංග ඉස්සරහම උමාලිට ලැබුණු හොඳම නිළිය සම්මානයෙන් පස්සේ, සාරංග මුහුණු පොතට දැම්ම අමුතු සටහන – Photos

Shiran Viraj

මානසික රෝග හඳුනා ගනිමු

Shiran Viraj