mediahumanrights.lk
Local NewsNews

වියළි කාලගුණයෙන් විශාල පිරිසක් පීඩාවට පත්වෙලා

දිවයිනේ දිස්ත්‍රික් අටකට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ උතුරු පළාතේ පවුල් එක් ලක්ෂ 31,000කට පමණ අයත් පුද්ගලයන් හාර ලක්ෂ 53,000ක් පමණ පීඩාවට පත්ව ඇති බවය.
නැගෙනහිර පළාතේ පවුල් 55,000කට පමණ අයත් පුද්ගලයන් ලක්ෂ දෙකක් පමණ වියළි කාලගුණික තත්ත්වයේ බලපෑමට හසුව තිබේ.
මේ වන විට ඇතැම් ප්‍රදේශවලට පානීය ජල පහසුකම් ලබාදීමට රජය විසින් පියවර ගෙන ඇති බව වාර්තා වේ.
පසුගියදා දිවයිනේ දිස්ත්‍රීක් කිහිපයකට බලපෑ නායයෑම් සහ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් ලක්ෂ 8කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්විය.
මේ අතර අද (11) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ හා වයඹ පළාත්වල මද වැසි ඇති විය හැකි බවත් සෙසු පළාත්වලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

”අපේ රටේ ඉංග්‍රීසි ගීත ජනප්‍රිය වෙනවා අඩුයි” – හොලිවුඩ් නිර්මාණයකට දායක වූ සචිනි අයේන්ද්‍රා කියයි

Shiran Viraj

ලයනල් මෙසී මෙවර රන් පාවහන දිනා ගනියි

Shiran Viraj

ජවිපෙ හා පෙරටුගාමී සිසුන් දෙපිරිසක් ගහ මරාගනිති…

Shiran Viraj
Translate »