මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්ය යූරියා පොහොර රැගෙන එන නැව් තුනක් ඔක්තෝබර් මාසය තුළ ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බව ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කර ඇතැයි News 1st වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, පළමු නැව ඔක්තෝබර් 22 දින පැමිණීමට නියමිත අතර, අනෙක් නැව් දෙක ඔක්තෝබර් 25 සහ 30 දිනවල පැමිණීමට සැලසුම් කර තිබේ. පොහොර තොග චීනයෙන් මෙරටට ගෙන එන බවද වාර්තාවේ සඳහන් වේ.
මහ කන්නය සඳහා යූරියා පොහොර මෙට්රික් ටොන් 180,000ක් පමණ අවශ්ය වන බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂවරයා සඳහන් කළ බව එම පුවතේ දැක්වේ.

