2026-09-24
mediahumanrights.lk
BusinessBusiness NewsLocal NewsNews

විදුලිය මිලදී ගැනීමේ මිල අඩු කිරීම නිසා පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයින් 150,000ක් අමාරුවේ

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සූර්ය බලාගාර සහ කුඩා ජල විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගන්නා මිල පහත හෙළීමත්, නිවාඩු දිනවල විදුලිය මිලදී නොගැනීමට තීරණය කිරීමත් හේතුවෙන් එම ක්ෂේත්‍රයේ ආයෝජකයින් 150,000ක් පමණ දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටිති. විශේෂයෙන්ම මෙම ව්‍යාපෘති සඳහා වැයවන පිරිවැයෙන් 70%ක් පමණ බැංකු ණය මගින් ලබාගෙන තිබීම නිසා, ආදායම් මාර්ග ඇහිරී යාමෙන් ණය වාරික ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.

සූර්ය බලයෙන් උත්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා මීට පෙර රුපියල් 37ක මිලක් ගෙවනු ලැබූ අතර, එය රුපියල් 27 දක්වා අඩු කර පසුව මේ වන විට රුපියල් 17ක ඉතා අඩු මට්ටමකට පහත දමා තිබේ. මෙගාවොට් එකක සූර්ය බලාගාරයක් ඉදිකිරීමට රුපියල් මිලියන 350ක් සහ ජල විදුලි බලාගාරයක් සඳහා රුපියල් මිලියන 500ක් වැනි ඉහළ පිරිවැයක් දැරීමට සිදුවන පසුබිමක, මෙම මිල සංශෝධනය තමන්ට දරාගත නොහැකි බව ව්‍යාපෘති හිමියෝ පවසති.

මෙම තත්ත්වය හේතුවෙන් සූර්ය බලාගාර පවත්වාගෙන යන 360ක පමණ පිරිසක් සහ වහලය මත සූර්ය පැනල සවි කළ දහස් සංඛ්‍යාත පිරිසක් පත්ව ඇති අපහසුතාව පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ඔවුහු අවධාරණය කරති. රටේ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමට පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගන්නා අතරතුර මෙලෙස මිල අඩු කිරීම ක්ෂේත්‍රයේ අනාගතයට අහිතකර ලෙස බලපානු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.

Related posts

මා ඇමති වෙද්දි මාසික ආදායම කෝටි 40යි.. දැන් කෝටි 100යි..

Shiran Viraj

GSP+ නැතිවුනොත් ඩොලරය 300 පනිනවා..

Shiran Viraj

උපුල් තරංග තමාට සිදුවූ කැපිලි ගැන ක්‍රික් ඉන්ෆොට හෙළි කරයි

Shiran Viraj
Translate »