31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNewsPolitical

පෙරපාසල් දරුවන්ට අකුරු ලිවීමට බලකිරීම ඔවුන්ගේ බුද්ධිමය වර්ධනයට බාධාවක් බව අමාත්‍යවරිය පවසයි

පෙරපාසල් දරුවන්ට බලහත්කාරයෙන් අකුරු ලියවීමට උත්සාහ කිරීමෙන් ඔවුන්ගේ බුද්ධිමය ධාරිතාව පටු වන බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය අවධාරණය කරයි. පෙරපාසල් අධ්‍යාපනය යනු හුදෙක් අකුරු හා වාක්‍ය ලිවීමට හුරු කිරීම නොවන බවත්, එය දරුවා අවිධිමත් අධ්‍යාපනයේ සිට විධිමත් පාසල් පද්ධතියට හුරු කරන සමගාමී තලයක් විය යුතු බවත් ඇය පෙන්වා දෙයි.

පෙරපාසල් විෂය පථය රජයේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් යටතට ගෙන ඒමේ අවශ්‍යතාව පෙන්වා දුන් අමාත්‍යවරිය, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සමඟ එක්ව සියලුම පෙරපාසල් සඳහා පොදු ක්‍රමවේදයක් සකස් කරන බව ප්‍රකාශ කළාය. දරුවෙකුගේ ඇඟිලි තුඩුවල සුහුරු බව වැඩි කරන කඩදාසි රෝල් කිරීම, පින්සල සහ පාට කූරු හැසිරවීම වැනි ක්‍රියාකාරකම් තුළින් මොළයේ ධාරිතාව වර්ධනය වන බවත්, අත මිරිකා අකුරු ලියවීමට උත්සාහ කිරීමෙන් බුද්ධිමය ධාරිතාව හැකිලෙන බවත් ඇය සඳහන් කළාය.

තම දරුවාට අකුරු ලිවීමට නොහැකි වීම පිළිබඳව දෙමාපියන් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව පැවසූ අමාත්‍යවරිය, දරුවෙකුගේ අනාගත දක්ෂතාව තීරණය වන්නේ පෙරපාසල් අවධියේදී ලබන නිදහස් ක්‍රියාකාරකම් තුළින් ගොඩනැගෙන ප්‍රභාමත් මනස මත බව වැඩිදුරටත් කියා සිටියාය.

Related posts

''මහින්දගේ අවජාතක දරුවා සුජාත කරන්නයි හදන්නේ''

Shiran Viraj

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාහන වෙන්දේසියක් පිළිබඳව චෝදනා – ජනාධිපතිට ලංසුකරුවකුගෙන් පැමිණිල්ලක්

Shiran Viraj

පාසල් පවත්වනවාද? නැද්ද? – බලය විදුහල්පතිවරුන්ට දෙයි

Shiran Viraj
Translate »