mediahumanrights.lk
Local NewsNews

මන්නාරමේ සතියක මස් තහනමක්! – මියගිය සතුන් වෙළෙඳපොළට මුදාහැරීම වැළැක්වීමට තීරණයක්

ගංවතුර තත්ත්වය හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ පශු සම්පත් විශාල වශයෙන් ආපදාවට ලක්වීම නිසා, සතියක කාලයක් සඳහා දැඩි නීති පනවා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා නිවේදනය කරයි.

තහනම මෙසේය:

  • එම සතිය තුළ ගවයන්, එළුවන් සහ ඌරන් ඝාතනය කිරීම.
  • ඒවායේ මස් ගබඩා කර තබා ගැනීම හෝ විකිණීම.

මෙම තීරණය ගැනීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, විපතට පත් වී මියගිය සතුන්ගේ මස් ජනතාව පරිභෝජනය සඳහා වෙළෙඳපොළට මුදා හැරීම වැළැක්වීමයි.

දිවයින පුරා පරීක්ෂකවරුන් දැඩි අවධානයෙන්:

විපත්තිවලට ලක්ව මිය ගිය සතුන්ගේ මළ සිරුරු ආහාර සඳහා අලෙවි කිරීම හෝ ප්‍රවාහනය කිරීම සිදුවේද යන්න පිළිබඳව දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අවධානයෙන් පසුවන බව සංගමයේ සභාපතිවරයා පවසා සිටියේය.

තොරතුරු දැනුම් දෙන ආකාරය:

එවැනි නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත්, වහාම අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙස ඔහු ඉල්ලා සිටී.

එසේ දැනුම් දීමට නොහැකි අවස්ථාවකදී, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ පැය 24 පුරා ක්‍රියාත්මක වන 1926 ක්ෂණික දුරකතන අංකය ඇමතීමටද හැකියාව ඇති බව බොරලැස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ආපදා නිසා 12,124ක් පීඩාවට.. කුරුණෑගලට මහ වැසි..

Shiran Viraj

ශ්‍රී ලංකික ධීවරයා ලොවට පිවිසීම ක්‍රියාත්මක කරනවා…

Shiran Viraj

PCR පරීක්ෂණ මහජන ඉල්ලීම් අනුව කරන්නේ නැහැ – ඒවා කළ යුත්තේ වසංගත විශේෂඥයින්ගේ මඟ පෙන්වීමට සහ ඊට අදාළ සැලසුමකට අනුවයි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

Shiran Viraj
Translate »