22.2 C
Colombo
2026-01-22
mediahumanrights.lk
Local NewsNews

ඇමති ලේකම් කෙනෙක් කොළඹ හතේ වරාය අධිකාරියේ සුපිරි නිවසක නීති විරෝධීය පදිංචි වෙලා..

වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු යැයි කියන පුද්ගලයෙකු ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කොළඹ හතේ පිහිටි පළමු ශ්‍රේණියේ නිවසක නීති විරෝධීව පදිංචිව සිටින්නේ යැයි වරාය වෘත්තිය සමිති චෝදනා කරති.

වරාය අධිකාරියේ ඉහළම පෙලේ නිලධාරීන්ට පමණක් ලබාදිය හැකි මෙම නිවස හදිසි කටයුත්තක් ලෙස දක්වමින් පෞද්ගලික ලේකම්වරයාට වෙන්කර ලබා දී ඇති බවද චෝදනා එල්ල වෙයි.

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයේදීද මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් වූ නමුත් මේ වන විටත් එකී පුද්ගලයා එහි පදිංචිව සිටින්නේ යයි වෘත්තිය සමිති නියෝජිතයන් කියා සිටිති.

විෂය භාර අමාත්‍යවරයා එම නිල නිවසේ මේ වන විට නොමැති නිසා අදාළ පුද්ගලයාට එහි රැඳී සිටීමට කිසිදු අයිතියක් නැති බවත් පෙන්වන වෘත්තිය සමිති නායකයන් වරාය අධිකාරියේ නිවාස කමිටුවේ අනුමැතියත නොමැතිව එම පුද්ගලයාට එම නිවස ලබා දී ඇති  බවද  චෝදනා කරති.

Related posts

ඇදිරි නිතියේ අරුගම්බේ ගිය රාජිත පවුලම එක්ක නිරෝධායනයේ, රාජ්‍ය අනුහසින් නිරෝධායනය ලිහිල්වි අද කොළඔ

Shiran Viraj

මිනී මස් ආහාරයට ගත් සිව්දෙනෙක් අත්අඩංගුවට

Shiran Viraj

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට ආගමික කටයුතු අවශ්‍යමයි.. මල සිරුරෙන් කොරෝනා පැතිරෙන බව මිත්‍යාවක්..- හකීම් ආණ්ඩුවෙන් ඉල්ලයි..

Shiran Viraj
Translate »