mediahumanrights.lk
Local NewsNews

වේරහැර දී ගණිකා නිවසක් වටලයි

වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුව ආසන්නයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් ඊයේ (14) පොලිසිය විසින් වටලා තිබෙනවා.
එහිදී කාන්තාවන් තිදෙනෙකු සහ කළමනාකරු අත්අඩංගුවට ගත්බවයි පොලිසිය සඳහන් කළේ.
ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මීට අමතරව බොරලැස්ගමුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය තවත්  ගණිකා නිවසක් වැටලීමට පොලිසියට හැකිවී තිබෙනවා.
එහිදී කාන්තාවන් 6 දෙනෙකු ඇතුළු පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහි සිටි අවුරුදු 22, 24, 25, 26, 30 සහ 36 යන වයස්වල පසුවන කාන්තාවන් 6 දෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
පොලීසිය පැවසුවේ ඔවුන් කෝට්ටේ, හංවැල්ල, ලුණුගම්වෙහෙර, මට්ටක්කුලිය, මීරිගම, දෙහිගහහේන සහ උඩුගම්පොළ යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවයි.
අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000 ක ශරීර ඇප දෙකක් සහ රුපියල් 5000 හේ මුදල් ඇප මත මුදාහැර තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

කෝටිපති ව්‍යාපාරිකයා තරුණියන් අඹුකමට අරන් දරුවෝ හදලා ඊළඟට කරන දේ හෙළිවෙයි

Shiran Viraj

"මල් ශාලාවේදීත් මිනී එම්බාම් කරන්නේ නිරුවත් කරලා" 28 චිත්‍රපටයට නිරුවත් වීම ගැන සේමිණී කිව්ව කතාව

Shiran Viraj

ශ්‍රී ලංකා පිළට දනුෂ්කගේ ඉන්මෙන් ගොඩ නැගුණු ජයග්‍රාහි බලාපොරොත්තු පාකිස්තානුවන් සුන් කරයි

Shiran Viraj
Translate »