mediahumanrights.lk
Local NewsNews

වේරහැර දී ගණිකා නිවසක් වටලයි

වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුව ආසන්නයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් ඊයේ (14) පොලිසිය විසින් වටලා තිබෙනවා.
එහිදී කාන්තාවන් තිදෙනෙකු සහ කළමනාකරු අත්අඩංගුවට ගත්බවයි පොලිසිය සඳහන් කළේ.
ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මීට අමතරව බොරලැස්ගමුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය තවත්  ගණිකා නිවසක් වැටලීමට පොලිසියට හැකිවී තිබෙනවා.
එහිදී කාන්තාවන් 6 දෙනෙකු ඇතුළු පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහි සිටි අවුරුදු 22, 24, 25, 26, 30 සහ 36 යන වයස්වල පසුවන කාන්තාවන් 6 දෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
පොලීසිය පැවසුවේ ඔවුන් කෝට්ටේ, හංවැල්ල, ලුණුගම්වෙහෙර, මට්ටක්කුලිය, මීරිගම, දෙහිගහහේන සහ උඩුගම්පොළ යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවයි.
අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000 ක ශරීර ඇප දෙකක් සහ රුපියල් 5000 හේ මුදල් ඇප මත මුදාහැර තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

රථවාහන දඩ මුදල් මාර්ගගතව ගෙවීමේ GOV PAY යෙදුම පිළිබඳ නුවරඑළිය දිස්ත්‍රික් පොලිස් නිලධාරීන් දැනුවත් කෙරේ

Shiran Viraj

කොමර්ෂල් බැංකුවෙනුත් කොරෝනා.. වසා දමයි..

Shiran Viraj

එය ශ්‍රී ලංකා පිලේ මා දුටු දුර්වලතම පිතිකරණයයි – ග්‍රාන්ට් ෆලවර් කියයි

Shiran Viraj
Translate »