28.9 C
Colombo
2026-02-03
mediahumanrights.lk
Local NewsNews

සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය නිවසේදී ගිනිගෙන මිය යයි…

යාපනය චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ඇගේ නිවසේදී ඇති වූ ගිනිගැනීමක් හේතුවෙන් බරපතල පිලිසුම් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇතැයි චාවකච්චේරි පොලීසිය පැවසීය.

සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය රෝහලගත කරන විට ඇය සයමස් ගැබිනියක්ව සිටි හෙයින් දරුව බේරා ගැනීමටද රෝහල් වෛද්‍යවරුන් විසින් දැඩි පරිශ්‍රමයක් දැරුවද දෙදෙනාගෙම ජීවිත බේරාගැනීමට නොහැකි වූ බවට රෝහල් වෛද්‍යවරුන් පැවසූහ.

මිය ගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සැමියා විසින් පොලීසියට පවසා ඇත්තේ සිය බිරිඳ කාමරයක් තුල ඉටිපන්දමක් හෝ යමක් දැල්වීමට ගත් උත්සහයකදී ඇගේ සිරුරට ගිනි ඇවිලීමෙන් ඇය රෝහල්ගත කල බවටය.

කෙසේ වෙතත් අදාල මරණය සියදිවි හානිකරගැනීමක්ද, අත්වැරදීමකින් සිදුවූවක්ද නැතහොත් ඝාතනයක්ද යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතරම සැමියාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකොට පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇතැයි චාවකච්චේරි පොලීසිය පැවසීය.

මිය ගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය චාවකච්චේරි නීර්වේලි ප්‍රදේශයේ පදිංචි තමිලනී සතීස් නැමති 35 හැවිරිදි අවුරුදු 06 දියණියකගේ මවක්ද වන අතර ඇගේ සැමියා චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාමසේවක වරයෙක් වශයෙන් සේවය කරයි.

Related posts

අවශ්‍ය තැන්වල තැබෑරුම් දාන්න මාලිමා ආණ්ඩුව සහාය දෙනවා..- අනුර

Shiran Viraj

පොළියට තට්ටු කරන අයට විරුද්ධව මහින්ද නැඟිටියි

Shiran Viraj

ගත වු පැය 24ට ලංකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වී නෑ

Shiran Viraj
Translate »