mediahumanrights.lk
Local NewsNewsPolitical

සමහරු බයවෙලා රට හැරගිහින්

තමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකවීමට දැනට යෝජනා වී ඇති ආයතනය මඟින් අපේක්ෂා කෙරෙන්නේ වර්ජන හේතුවෙන් බිඳවැටෙන අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙනයාම බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.
කැළණිය ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දැනටමත් ඇතැම් පුද්ගලයින් අදාළ යෝජනාවට  බිය වී රට හැරගොස් ඇති බවයි.
එම උත්සවයට එක්වූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව මර්දනය සඳහා වෛරී පුද්ගලයින් යොදා ගන්නා බවයි.
(under the courtesy of adaderana news web)

Related posts

කොරෝනා නිසා 361 මරුට – අසාධිතයින් ගණණ 17205 දක්වා සීග්‍රයෙන් ඉහළට

Shiran Viraj

මාව පරද්දලා රට දුන්නේ මෛත්‍රීට මිසක් රනිල්ට නෙමෙයි

Shiran Viraj

අන්තිමේදී ඒඑස්පී මෛත්‍රී ගාණේ කටාර් යයි

Shiran Viraj
Translate »