mediahumanrights.lk
Local NewsNews

AL ටියුෂන් අදින් අවසන්..

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම (19) මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාගය අවසන් වනතුරු එම තහනම ක්‍රියාත්මක වෙයි.

එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව පවසයි.

නොවැම්බර් මස 25 වැනිදා ආරම්භ වීමට නියමිත මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 333,185කි.

ඒ අතරට පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත් වෙයි.

Related posts

කෝලිව විවේක ගැන්වීමට සැළසුම්

Shiran Viraj

මම වෛද්‍යවරුන් සහ රෝගීන් ආරක්ෂා කරගන්නවා

Shiran Viraj

චම්පිකට එරෙහි රාජගිරියේ රිය අනතුරු නඩු විභාගය අත්හිටුවයි…

Shiran Viraj
Translate »