mediahumanrights.lk
Local News News

අපට වාහන ඕනෑ.. සම්මත කරගන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයට තීරුබදු සහන බලපත්‍ර ලබාදීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානමක් පවතී.

ආණ්ඩු පක්ෂය විසින් මෙම යෝජනාව එළඹෙන දින කිහිපයේදී ඉදිරිපත් කරනු ඇති බවද වාර්තාවේ.

මන්ත්‍රීවරුන් 117 දෙනෙකුගේ අත්සන් සහිතව කතානායකවරයා වෙතද මෑතක ලිපියක් යොමු කරමින්ද සඳහන් කර තිබුණේ පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් සඳහා වාහන බලපත්‍ර ලබාදීමට කටයුතු කරන ලෙසයි.

නමුත් කතානායකවරයා එම ඉල්ලීම ජනාධිපතිවරයා ඇති යොමු කර තිබුනේ මේ පිළිබඳව පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදීද සාකච්ඡා කිරීමෙන් පසුවයි.

කෙසේ වෙතත් අවසානයේ තීරණය වී ඇත්තේ ඒ සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාවක් සම්මත කරගැනීමටයි.

Related posts

ආදායම හොයන්න රජයට උපදෙස් ගන්න සුද්දෙක් කැදවයි.. ඔහු කැමරන්ගේ ඇමතිවරයෙක්…

Shiran Viraj

කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවට

Shiran Viraj

“වැදගත් 225 නෙවෙයි, මහජනතාවගේ ආරක්ෂාවයි” 225ට පොලිස් ආරක්ෂාව වැඩි කරන්නැයි කියු බුද්ධික පතිරණගේ ඉල්ලීමට ඇමති චමල්ගෙන් සැර පිළිතුරක්

Shiran Viraj