mediahumanrights.lk
Local NewsNewsPolitical

කොළඹ මැයි රැළි තිබූ තැන්වල තවමත් කුණු (PHOTOS)

මැයි දිනය සමරමින් දේශපාලන පක්‍ෂ සංවිධාන කළ මැයි රැළි ඊයේ රාති‍්‍රයේ අවසන් වුණා.
එක්සත් ජාතික පක්‍ෂයේ මැයි රැළිය පැවැත්වුයේ බොරැල්ල කැම්බල් පිටියේදීයි.
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මැයි රැළිය මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වුණා.
ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි රැළිය සංවිධාන කර තිබුණේ ගාලූමුවදොර පිටියේදීයි.
ජනතා විමුක්ති පෙරමුණ සිය මැයි රැළිය කොළඹ බී ආර් සී පිටියේදී පැවැත්වුවා.
මැයි රැළි අවසානයේ ඊට පැමිණි දහස් සංඛ්‍යාත පිරිස විසිර ගියද ඔවුන් රැගෙන ආ කැළිකසල කොළඹ නගරයේ තැන තැන දමාගොස් තිබූ අයුරු ඊයේ රාති‍්‍රයේ සහ අද අලූයම එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වු නෙත් නිවුස් කණ්ඩායමට හැකි වුණා.
කම්කරුවන් පිරිසක් ඊයේ රාති‍්‍රයේ මෙන්ම අද අලූයමද එම කැලි කසල ඉවත් කරන ආකාරයයි නෙත් නිවුස් කණ්ඩායමට දැකගත හැකි වුණේ.

(under the courtesy of nethfm news web)

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් වෙන හැටි ශ්‍රීල.නි.ප.ය කියයි

Shiran Viraj

පෙට්‍රල් සැපයුම අද යථා තත්ත්වයට

Shiran Viraj

රනිල් හංසයා ලකුණින් පොදු අපේක්‍ෂක වී එයි..

Shiran Viraj
Translate »