mediahumanrights.lk
Local NewsNewsPolitical

සිරිකොතින් මාව අයින් කළාට ගණන් ගන්නෑ – නිදහස් පක්ෂෙට වෙන්නේ කුණු කන්දට වුණ දේ

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධුරවලින් තමන් ඉවත් කිරීම පිළිබද කණගාටු වන බව ආසන සංවිධායක ධුර අහිමි වූ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේ පවසනවා.
නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් කියා සිටියේ තම දේශපාලන ගමන මෙවැනි ක‍්‍රියා හේතුවෙන් නතර නොවන බවයි.
තමා ඕනෑම දෙයකට සූදානම් බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මීතොටමුල්ල කුණු කන්දට අත් වූ ඉරණමම අත්වනු ඇති බවද ඔහු සඳහන් කළා.
ජනක බණ්ඩාර තෙන්නකෝන් හිටපු අමාත්‍යවරයා දඹුල්ල ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා ලෙස කටයුතු කළා. එම ආසනයේ නව සම සංවිධායකවරුන් ලෙස ඩබ්ලිව් එම් යසමාන හා දයා නන්දසිරි ඊයේ පත්වීම් ලිපි ලබා ගත්තා. සිය පියා සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම හේතුවෙන් තමාද මධ්‍යම පළාත් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ පුත් ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ ප‍්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේද එලෙස සංවිධායක ධුර  අහිමි වූ අයෙක්. ඔහු දැරූ පාතදුම්බර ආසනය සදහා සමරජීව බණ්ඩාර වෙලගෙදර ඊයේ පත් කළා. මේ, ආසන සංවිධායක ධුරය අහිමිවීම පිළිබද අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේ පැවසුවේ තමාට ආසන සංවිධායක ධූරය ලබාදුන්නේ එිටපු ජනපති මහින්ද රාජපක්ෂ බවත්, ‘සිරිකොතින්‘ තමාගේ ආසන සංවිධායක ධූරය අහිමි කිරීම පිළිබඳ තැකීමක් නොකරන බවය.
මීට අමතරව මහියංගණය ආසනයේ හිටපු සංවිධායක පළාත් සභා මන්තී‍්‍ර අනුර විදානගමගේ වෙනුවට කේ පී ගුණවර්ධනද පත්කර තිබුණා.
(under the courtesy of nethfm news web)

Related posts

සචිනිට හැඳුනුම්කම්වලට අවස්ථා ලැබෙනවද?

Shiran Viraj

අනුරපුර වඳුරාට බ්‍රිතාන්‍යයෙන් කළ පැමිණිල්ලට පොලිස් වාර්තාවක්

Shiran Viraj

කරාපිටිය රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි..

Shiran Viraj
Translate »