2026-01-12
mediahumanrights.lk
BusinessBusiness NewsNews

වාහන ගෙන්වීම ගැන රජයෙන් ප‍්‍රකාශයක්…

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් වාහන ආනයනය කිරීමේ ක්‍රියාවලියට ණයවර ලිපි නිකුත් කිරීම් ප්‍රමාදයක් මත බාධා එල්ල වී ඇති බව විදේශ රැකියා හා කම්කරු ඇමති මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

මහා භාණ්ඩාගාරයෙන් නිලධාරින්ගේ ක්‍රියාකලාපයක් හේත්තුවෙන් මෙම තත්වය උදා වී ඇතැයි ද හෙතෙම පැවසීයම.

විදෙස් ගත ශ්‍රමිකයන් සඳහා විද්‍යුත් වාහන නවසීයකට ආසන්න ප්‍රමාණයක් ආනයනයට බලපත්‍ර නිකුත් කර ඇතැයි ද හෙතෙම අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

මේ හරහා විදෙස් ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන සීයකට වැඩි ප්‍රමාණයක මුදල් එවා ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙම ශ්‍රමිකයන් වෙත ලබාදුන් විද්‍යුත් වාහන ආනයනය කිරීමේ ක්‍රමයට ණයවර ලිපි නිකුත් කිරීමේදී මෙම අවහිරතාවයන් මතුව ඇති බවද ඔහු ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

දිවුලපිටියේ කාන්තාවට කොරෝනා ආසාධිත වූ අයුරු තවමත් ගැටලුවක් – මහජනතාවටත් විශේෂ පණිවිඩයක්

Shiran Viraj

රයි­ගම් ටෙලීස් ජන­ප්‍රි­යම නළුවා තුමිඳු දොඩ­න්තැන්න දැන් ලංකාවේ ජන­ප්‍රිය වෙන්නේ වීරයා නෙමෙයි ප්‍රති­වී­රයා

Shiran Viraj

Virginia DMV to open new Williamsburg customer service center

Shiran Viraj
Translate »