28.9 C
Colombo
2026-07-06
mediahumanrights.lk
NewsSportsSports News

අර්ජුන අතුරු කමිටු සභාපති කලාට ජවිපෙ විරෝධය..

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් කරන ලද ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස අර්ජුන රණතුංග මහතා පත් නොකළ යුතුව තිබූ බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

ක‍්‍රිකට් පරිපාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ගෙන ඇති පියවර අගය කරන නමුත් ඊට පත්කළ සාමාජිකයන් පිළිබඳ ඔහු සිය කණස්සල්ල පළ කෙළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන විවාදය අමතමින් ඔහු මේ බව පැවසීය.

මීට පෙර පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට තරග කළ බව පවසමින් අර්ජුන රණතුංග මහතා අතුරු කමිටු සභාපති ධුරයට පත් කිරීම නොකළ යුත්තක් බව ද ඔහු කියා සිටියේය.

ඊට අමතරව අතුරු කමිටු සාමාජිකයන් ලෙස විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා, ආණ්ඩුකාර මුසම්මිල් මහතාගේ පුත්‍රයා සහ උපාලි ධර්මදාස යන අය පත් කළේ මන්දැයි ඔහු ප්‍රශ්න කරන ලදී.

2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ, අර්ජුන රණතුංග මහතා එක්ම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තරග කලේය.

Related posts

දිනක් තුළ කොරෝනා මරණ 2000 ඉක්මවු පළමු රට බවට අමෙරිකාව පත්වෙයි

Shiran Viraj

අපනයන සංවර්ධන මණ්ඩලයෙන් දේශීය වගාකරුවන් හා සැකසුම්කරුවන්ට ශ්‍රී ලංකා ප්‍ර‍මිති සහතිකය සඳහා ආධාර ලබා ගැනීමට අවස්ථාවක්

Shiran Viraj

රනිල්ට අගමැතිකම ඉල්ලා මං කරන්න සිටි මාරාන්තික උපවාසය කල් දැම්මා-දඹර අමිල හිමි

Shiran Viraj
Translate »