26.7 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNewsPolitical

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුවට දින නියම කෙරේ

දෙමටගොඩ ප‍්‍රදේශයේදී කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගිය බවට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් නව දෙනෙකුට එරෙහි නඩුව විභාගයට අද දින නියම කෙරුණා.
ඒ, සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ හමුවේ කැදවූ අවස්ථාවේදීයි. ඒ අනුව එම නඩුව නොවැම්බර් මස 6 සහ 8 යන දිනවලදී විභාගයට ගනු ඇති.
මෙම නඩුවේ පළමු විත්තිකරු මේ වනවිට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බැවින් ඔහු නොමැතිව අදාළ නඩුව අද විභාගයට ගැනීමට නොහැකිවීම හේතුවෙනුයි එය කල් දැමුණේ.
2015 දෙසැම්බර් මස 21 වන දින සිදුවූ බව කියන මෙම සිද්ධියට අදාළ නඩුවේ 9 වන විත්තිකාරිය වන්නේ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්තී‍්‍රවරියයි.
මේ අතර රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හමුදා සාමාජිකයින් තිදෙනා ලබන මස 3 වනදා තෙක් අද යළි රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, ඔවුන් ගම්පහ වැඩබලන මහේස්ත‍්‍රාත් වසන්තා ගුණසේකර හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
(under the courtesy of nethfm news web)

Related posts

දශ ලක්ෂ තිස්තුන්දාහක බිල් වෙන්දේසියක් හෙට

Shiran Viraj

වනෝද්‍යාන භූමි ආරක්ෂාවට විශේෂඥයින්ගේ සහාය

Shiran Viraj

බදු සහන දුන්නොත් IMF එකගතා අවුලක..

Shiran Viraj
Translate »