28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ගොවීන් එකොලොස් දහසකට වන්දි.. බණ්ඩි පොහොර රුපියල් 9000ට..

පසුගිය නියගයෙන් වගා හානිවූ වලවේ ගොවීන් සදහා වගා හානි වන්දි පිරිනැමීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය ඩී.ඒ රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරිණ.

මේ යටතේ විවිධ ගනන් යටතේ ගොවීන් එකොලොස් දහසකට වන්දි ලබාදෙන බවත් අද (26) දිනයේදී වලවේ ගොවීන් දහසකට වන්දි ලබාදීම සිදු විය.

මෙහිදී මිලියන 3284ක් තුන්දහස් දෙසිය අසූහතරක් වගාහානි වන්දි වශයෙන් වලව කලාපය වෙනුවෙන් වෙන්කර ඇත. අක්කර 15000ක් පහලොස් දහසක් වෙනුවෙන් මෙම වන්දි ලබාදීම සිදු විය.

මෙම අවස්ථාව සදහා වනජීවී අමාත්‍ය රත්නපුරදිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල යන මැති ඇමතිවරු සහභාගී විය.

මෙහිදී කතාකල අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ වන විට ‍බණ්ඩිපොහොර පොහොර මිටිය මෙම කන්නයේ සිට රුපියල් 9000ට ලබාදීමට කටයුතු කරන බව කීය.

‘ප්‍රථමයෙන් වන්දි දෙන්නේ වලවේ ගොවීන්ට. ඊට හේතුව හේ වගා හානි වලට අපිද වගකියන්න ඕන වතුර දෙන්න ප්‍රමාද උනා’

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් මෙම අවස්ථාව සංවිධානය කර තිබිණි.

Related posts

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිදහස්

Shiran Viraj

මියන්මාරයෙන් පළමු වරට කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්

Shiran Viraj

උගන්ඩා, ෂීශෙල්ස් සැගවූ ධනය ගෙනත් අපි හොරු කියා ඔප්පු කරන්න.. නැතොත් අප නිදොස් කරන්න..

Shiran Viraj
Translate »