mediahumanrights.lk
NewsSportsSports News

LPL තරග උණුසුම මැද පිරමිඩයේ සෙලෝටේප් ඔතයි..

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ප්‍රචාරක දැන්වීම් කීපයක් ම ආවරණය කිරීමට කණ්ඩායම් කලමනාකරුවන් හා තරග සංවිධායකයන් කටයුතු කර තිබේ.

ජෆ්නා කින්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ඇඳුමේ තිබූ පිරමිඩ සමාගමක සලකුණ ටේප් භාවිතයෙන් ආවරණය කර ඇති අතර ඔවුන්ගේ හෙල්මට්වල එම ලකුණද ආවරණය කර තිබේ.

අද පිටියේ ප්‍රධාන පුවරුවේද එම දැන්වීම් පෙන්වීමට කටයුතු කර නැති අතර පිටිය වටා පිහිටි තැන්වල ආවරණ කිරීමට කටයුතු කර තිබේ.

අදාල ආයතනය ක‍්‍රිප්ටො මුදල් භාවිතයෙන් පිරමීඩාකාර ගනුදෙනුවක නිරත වන බවට චෝදනා එල්ල වන අතර මහ බැංකුව ද සඳහන් කරන්නේ අදාළ ආයතනයන් සම්බන්ධයෙන් ඉතා සමීපව දැඩි නිරීක්ෂණයක සිටින බවයි.

මෙම සමාගම කි‍්‍රප්ටො මුදල් හුවමාරුවක් යයි පැවසුවද ඒ හරහා කිසිදු මුදල් ඒකකයක් වෙනත් මුදල් ඒකකයකට පරිවර්ථනය කිරීමට හැකියාවක් නැත.

Related posts

අදානි සුලං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වෙයි.. නිල නිවේදනය මෙන්න..

Shiran Viraj

වාහනයෙන් බෑ.. පයින් පමණයි.. සතියකට දිනක් හැදුනුම්පත් අංකය අනුව එලියට.. ඇදිරි නීතියේ නවතම දැනුම් දීම මෙන්න..

Shiran Viraj

අනුරගේ යාපනයේ සමළුවට TNA නායකයොත් එයි…

Shiran Viraj
Translate »