mediahumanrights.lk
Local News News

හඳගිරිය වනෝද්යනයේ කිලෝමීටර් 30ක මාර්ග හදයි..

උඩවලව ජාතික වනෝද්‍යානයට ඇතුල්වීම සඳහා බලංගොඩ හඳගිරිය ප්‍රදේශයෙහි ආරම්භ කිරීමට යෝජිත නව පිවිසුම් දොරටුව සහ අනෙකුත් ඉදිකිරීම් කඩිනමින් නිම කිරීමට කටයුතු කරන ලෙස වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නාය.

අමාත්‍යවරිය බලංගොඩ වැලිගෙපොල -කල්තොට නිරීක්ෂණ චාරිකාවට එක්වූ අවස්ථාවේ හඳගිරිය උද්‍යානය තුළ යෝජිත ඉදිකිරීම් පිළිබඳ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවදී පසුගියදා මෙම උපදෙස් ලබා දී තිබේ.

එහිදී හඳගිරිය හා පොල්ලමුරේ යන ප්‍රදේශවල ජනතාවට ගැටලුවක්ව පවතින අලි ගම්වැදීම පාලනය කිරීම සඳහා වන කිලෝමීටර් 05කින් යුත් අලි වැට ඉදිකිරීමේ අවස්ථාවට එක් වූ අමාත්‍යවරිය ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලැබී ඇති හෙයින් කඩිනමින් එම ඉදිකිරීම් සිදුකරන ලෙස ද නිලධාරීන්ට දන්වා සිටියාය.

එමෙන්ම හඳගිරිය වනෝද්‍යනය තුළ කිලෝමීටර් 30ක් වන මාර්‍ග පද්ධතිය සකස් කිරීම, අභ්‍යන්තරයේ පවතින වැව් 04ක් ප්‍රතිසංස්කරණය කිරීම, හඳගිරිය සහ උඩවලවේ ප්‍රදේශ යාකරමින් වලවේ ගඟ හරහා මීටර් 52ක් වන පාලම ඉදිකිරීම, සංචාරක බංගලා 02ක් හා නව කඳවුරු බිම් 05ක් ඇතිකිරීම යනාදී ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්විය.

අමාත්‍යවරිය පෙන්වා දුන්නේ උඩවලව වනෝද්‍යානය පැරණි පිවිසුම හා සඳගිරිය පිවිසුම අතර සබඳතාවය ඇතිකිරීම තුළින් දෙස් විදෙස් සංචාරකයන්ට එකම වනෝද්‍යානයක පවතින දේශගුණික හා පරිසර පද්ධතීන් දෙකක් දැකබලා ගැනීමට අවස්ථාව හිමිවන බවයි. එමගින් සංචාරක ආකර්ෂණය වැඩිකිරීමට හේතුවනු ඇත.

මීට අමතරව යෝජිත ව්‍යාපෘති ඇතිවීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ආර්ථික වශයෙන් දියුණු වීමට අවස්ථාවක් ඇතිවේ. බලංගොඩ ප්‍රදේශයේ තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා හිමි වේ.

මීට අමතරව බලංගොඩ, ඉඹුල්පේ හා වැලිගෙපොල ප්‍රදේශයේ අලිවැට ඉදිකිරීම සම්බන්ධයෙන් තන්ජන්තැන්න විහාරස්ථානයේදී සහ බෝවත්ත විහාරස්ථානයේදී සාකච්ඡා පැවැති අතර එම ප්‍රදේශයන්හි අලිවැට ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 19ක් වෙන්කර ඇති බවත් එය හැකි ඉක්මනින් සිදුකළ යුතු බවත් අමාත්‍යවරිය නිලධාරීන්ට අවධාරණය කළාය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා ද සොයිසා මහත්මිය , පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා, රාජ්‍ය ආයතන නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

– Media unit

Related posts

පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් රැසක් රටින් පිටවෙන්න සූදානම් වෙති…

Shiran Viraj

මැතිවරණය 20 තියන්න බෑ.. සෞඛ්‍ය නිර්දේශඅත්‍යවශ්‍යයි..- මැකො ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි..

Shiran Viraj

මිලියනයේ විරෝධතා භූමියේ අයෙක් ඇද වැටී මිය යයි…

Shiran Viraj