2026-09-07
mediahumanrights.lk
Local NewsNews

පොලිසිය පාට මාරු කරන්න සැරසෙයි

පොලිස් නිල ඇඳුමේ වර්ණය වෙනස් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ බණ්ඩාරවෙල ඇල්ල පොලිස් වසමේ නාදඩුහින්න ප‍්‍රදේශයේ පැවති උත්සවයකදීයි.
පොලිස් නිල ඇඳුම යනු ආභරණයක් නොවන බවද මෙහිදී සඳහන් කෙරුණා. ලෝකයේ බොහෝ රටවල මෙන්ම ජාත්‍යන්තරයේ පොලිසියේ වර්ණය ලෙස තද නිල් පැහැය භාවිතා කරන බවත් මෙහිදී සඳහන් කෙරුණා.
කටුමැටි ගසා තනා තිබූ සිය නිවස වර්ෂාවට හසුව කැඞී යාමෙන් හා සැමියාගේ මරණයෙන් අසරණ වූ කාන්තාවකට හා ඇඟේ දියණිය වෙනුවෙන් ඉදි කෙරුණු නව නිවසක් ඔවුන්ට භාරදීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.
අදාළ නිවස තනා දී තිබුණේ ඇල්ල ප‍්‍රජා පොලිස් ඒකකය විසින්.
(under the courtesy of nethfm news web)

Related posts

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කලාට පළිබෝධනාශක රෙජිස්ටාර් ධුරයෙන් නෙරපයි.. රජයේ ප්‍රතිපත්තියට විරුද්දයිලු..

Shiran Viraj

ප්‍රංශය දේශ සීමා නීති දැඩි කරයි

Shiran Viraj

72 වන ජාතින නිදහස් දින සැමරුම අද

Shiran Viraj
Translate »