2026-08-19
mediahumanrights.lk
Local NewsNews

අර්බුදයෙන් පීඩාවට පත් ශ‍්‍රී ලංකාවට ඕස්ටේ‍්‍රලියාවෙන් සහල් තොග…

ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 22ක් (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15 පමණ) වටිනා ඕස්ටේ‍්‍රලියානු ආහාර පරිත්‍යාගයේ පළමු තොගය ශී‍්‍ර ලංකාවට ලැබී ඇති අතර, එය පවතින ආර්ථික අර්බුදය නිසා වඩාත්ම පීඩාවට පත්වූවන් වෙත ඉක්මනින් බෙදා හැරීමට නියමිතය. සහල් මෙටි‍්‍රක් ටොන් 600ක මෙම සහල් තොගය සහල්, පරිප්පු සහ ආහාර පිසින තෙල් අඩංගු ආහාර තොගයේ කොටසක් වන අතර ආහාර පරිත්‍යාගයේ ඉතිරි කොටස ළ`ගදීම දිවයිනට ල`ගාවීමට නියමිතය.

ඕස්ටේ‍්‍රලියාව සහ ශී‍්‍ර ලංකාව අතර දශක ගණනාවක දිගු මිත‍්‍රත්වයක් පවතින අතර, පෙර නොවූ විරූ අර්බුදයකට මුහුණ දී සිටින ශී‍්‍ර ලංකාවට ලබා දෙන මෙම පරිත්‍යාගය අප දෙරට අතර පවතින හොඳ හිත තවදුරටත් ඉදිරියට ගෙන යයි. මිල වැඩිවීම්, රැකියා අහිමි වීම් සහ ආදායම් අඩුවීමෙන් පීඩා විඳින ජනතාවගේ දිවි රැක ගැනීම සඳහා ආහාර ලබා දීම සඳහා අපි ලෝක ආහාර වැඩපිළිවෙලට සහාය ලබා දෙන්නෙමු” යැයි ශී‍්‍ර ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා පැවසීය.

ලෝක ආහාර වැඩපිළිවෙලහි හදිසි ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් පළමුවෙන්ම දායකත්වය ලබා දුන්නේ ඕස්ටේ‍්‍රලියාව වන අතර, එමගින් පවතින අර්බුදයෙන් දැඩිලෙස පීඩාවට පත්ව සිටින්නන්ට බොහෝ ආධාර ලබා දීමට අපට හැකිවිය” යනුවෙන් පැවසූ ලෝක ආහාර වැඩපිළිවෙලහි ශී‍්‍ර ලංකා නියෝජිත සහ ශී‍්‍ර ලංකා අධ්‍යක්‍ෂ අබ්දුර් රහීම් සිද්දිකී මහතා, ඕස්ටේ‍්‍රලියාවේ මෙම නොමසුරු පරිත්‍යාගය හරහා අපි ගැබිණි සහ මව්කිරි ලබාදෙන මව්වරුන් සහ පාසල් ළමුන් ඇතු`ඵ වඩාත් අවදානමට ලක්වී සිටින අය සඳහා මුදල් සහ ආහාර ද්‍රව්‍ය ආධාර ලබා දෙන්නෙමු” යැයි තවදුරටත් පැවසීය.

ශී‍්‍ර ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ආහාර අනාරක්‍ෂිතතාවය ඉහළ මට්ටමකට පත්ව ඇති අතර, ලෝක ආහාර වැඩපිළිවෙල මගින් මෑතකදී සිදුකළ සමීක්‍ෂණයන් පෙන්වා දෙන්නේ හදිසි ආධාර නොලැබුනහොත් ඉදිරි මාස වලදී මෙම තත්වය තවදුරටත් ඉහළ යා හැකි බවය. ජූනි මාසයේදී ලෝක ආහාර වැඩපිළිවෙල මගින් දියත් කරන ලද හදිසි ආධාර ලබාදීමේ ප‍්‍රතිචාරය යටතේ, දැඩි ලෙස අවදානමට ලක්ව සිටින මිලියන 3.4 ජනතාවට උපකාර කිරීමට අරමුණු කර ඇත.

Media

Related posts

කෝප් සභාපති අප සමග එකට වැඩ කලා පමණයි.. කිසිම ගෙවීමක් කර නෑ..- ක‍්‍රිකට් ආයතනය

Shiran Viraj

Corona : ඇමරිකාව බිහිසුණුම තත්වයේ.. චීනය, ඉතාලිය පන්නමින් ලෝකයේ වැඩිම ආසාදිතයන් සහිත රට වෙයි.. ඊයේ පමණක් 17,000 පනී..

Shiran Viraj

සමයං ගේ හැකියාව ගැන මහින්දගෙන් උපදේශයක්

Shiran Viraj
Translate »