mediahumanrights.lk
Business Business News News

පිටි කිලෝව 500යි.. පාන් 350ට.. බනිස් 150ට… මාසයකින් පාන් නැත්තටම නෑ…

දැනට රට තුළ ඇති වී තිබෙන තිරිඟු පිටි හිගයට විසඳුමක් ලබා නොදුනහොත් මාසයක් ඇතුළත හිරට තුළ පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනය සම්පූර්ණයෙන් ම නැතිව යනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා සඳහන් කරන්නේ එවන් අවස්ථාවක ජනතාවට පෝලිමේ හෝ ගොස් පාන් ගෙඩියක් මිලට ගැනීමට නොහැකි වනු ඇති බවයි.

විදේශ විනිමය හිගය නිසා දැනට මෙරට ප්‍රධාන පිටි ආනයන සමාගම් වලට තම පිටි තොග ආනයනය කිරීමට නොහැකි වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

පිටි ආනයනය කිරීම හේතුවෙන් ඩොලර් මිලියන 700 ක ණය ප්‍රමාණයක් ගෙවීමට ඇති නිසා තවදුරටත් පිටි ලබා ගැනීමට හැකියාව ඇත්තේ අත්පිට මුදලට පමණක් බව ද ඔහු පැවසීය.

අද වන විට පිටි මිටියක් රුපියල් 25,000 දක්වා මිල ඉහළ ගොස් ඇති අතර එම මිලට පිටි මිල දී ගෙන පාන් නිෂ්පාදන කළහොත් පාන් ගෙඩියක් රුපියල් 350 ක් ද බනිස් ගෙඩියක් රුපියල් 150 ද ඉක්ම විය හැකි බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

පුතාගෙන් ලැබෙන මානසික සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ -රොෂාන් රණවන

Shiran Viraj

වැඩිකළ විශ්‍රාම වැටුප අත්හිටුවීමට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට දින නියම කෙරේ

Shiran Viraj

දරු එල ලබන්නට තරබාරුව මට්ටු කරමු

Shiran Viraj